GMOA-Covid-withdraws-from-Task-Force-active-activities

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බව එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබේ.





රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙසේ කීය.

    එන්නත්කරණය පිළිබඳ අපි වැඩපිළිවෙළක් විශේෂඥයෝ එක්ක සාකච්ඡා කරලා රජයට භාර දුන්නා. අපි භාර දුන්නා යෝජනාවලියේ තිබ්බේ 60න් ඉහළ කණ්ඩායමට එන්නත්කරණයට ප්‍රමුඛතාවය දීලා ඉන් අනතුරුව අනෙකුත් වයස් කණ්ඩයම්වලට එන්න කියන එක. නමුත් ඒක ඒ ආකාරයට සිද්ධ වුණේ නැහැ. අපි දැක්කා විශේෂඥ කණ්ඩායම්, විද්‍යාත්මක ක්‍රමවේද ඉදිරිපත් කරනවා. නමුත් අවසානයේදී ක්‍රියාත්මක වෙනකොට ඊට පටහැනි දේවල් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි.

මේක ක්‍රියාත්මක කිරීමේ අවසාන බලතල ලැබිලා තියෙන්නේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපි කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රිය කටයුතුවලින් ලෙස අයින් වෙලා දැන් ගොඩක් කල්. අපි මුල ඉඳලාම නිරීක්ෂණය කළා. ගන්න තාක්ෂණික කමිටු තීරණ නොවේ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක මං හිතන්නේ කව්රුත් ප්‍රසිද්ධියේ නොකිව්වට කාටත් පැහැදිලියි මොකද්ද වෙන්නේ කියන එක.