බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිෙය් සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සහ සහල් සඳහා උපරිම මිළ ඇතුළත් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබෙයි.
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල රුපියල් 116 වන අතර සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වේ. මේ අතර දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128ක් වේ.
තවද සහල් මිළ ගණන් වලදී උපරිම සිල්ලර මිල
කීරි සම්බා – 1Kg – රු.125/-
සුදු රතු සම්බා – වාෂ්පයෙන් තැම්බූ තම්බන ලද (සුදුරු සම්බා හැර) – 1Kg – රු.103/-
සුදු රතු නාඩු – වාෂ්පයෙන් තැම්බූ තම්බන ලද (මොට්ටෙයිකරුපන් සහ අට්ටික්කාරි හැර) කිලෝ ග්‍රෑම් 1ක් රු.98/-
සුදු රතු කැකුළු සහල් – කිලෝ ග්‍රෑම් 1ක් රු.95/-
0 Comments