වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී පවුල් ආරවුලක් අතරතුර පියෙකුට තැබූ වෙඩි පහරක් වැරදීමකින් 14 හැවිරිදි පුතුට වැදීමෙන් අවාසනාවන්ත ලෙස එම ස්ථානයේදී එම දරුවා මියයාම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පුවත් පසුගිය දිනවල මැවිණි.
එම අපරාධය සිදු කළ පුද්ගලයා හා සහායක කැලයක සැඟවී සිටියදී අත්අඩංගුවට පත්ව මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඊයේ එම දරුවාගේ අවසන් කටයුතුද සිදුවූයේ ගමේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.
වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි සචින්ත නිම්සර නැමැති පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ සවස සිදු කෙරුණු අවස්ථාවේ කවුරුත් බලාපොරොත්තු නොවූ ලෙස සිය මුණුබුරාගේ මෙම හදිසි වියෝව දරාගත නොහැකිව 67 හැවිරිදි සීයා දරුවාගේ සිරුර වළලන ස්ථානය මතදී වස පානය කරන ලද සිදුවීමක් වාර්තා විය.
මේ අවස්ථාවේ සෙම පෙරාගෙන සීයා ඇදවැටී ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.
මෙම අවාසනාවන්ත මරණය සිදුවූ අවස්ථාවේ සිට දරුවාගේ සීයා මාධ්‍ය වල ඒ සම්බන්ධ අදහස් දැක්වීමටද ඉදිරිපත්ව සිටි අතර ඔහු දරුවාගේ වියෝව නිසා අතිශය කම්පනයට පත්ව සිටියේය.
මොහොට්ටිගේ ජිනදාස නැමති මොහු තවම රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් පසුවේ.
(Gossiplankanews.com)
සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
- වීරකැටිය 14 සිසුවා ඝාතනය කළ අය කැලෑවක සැඟවී සිටියදී හසුවේ
- වීරකැටියේ පවුල් ආරවුලක් මැද සිටි 14 හැවිරිදි දරුවා වෙඩි වැදී මරුට
දරුවාගේ අවසන් කටයුතු සිදුවූ දිනයේ වීඩියෝ දර්ශන පහතින්
0 Comments