රංගන ශිල්පිණී ශේෂාද්‍රි ප්‍රියසාද් පසුගියදා නැවතත් විවාහ ජීවිතයට පිවිසුණ පුවත ඡායාරූප කිහිපයකින් මාධ්‍ය ඔස්සේ දැනගන්නට ලැබිණි. ගායකයෙකු හා තොරතුරු තාක්ෂණවෙිදියෙකු වන ක‍්‍රිෂාන් මාලන් පෙරේරා ඇය අතගත් මනාලයාය. කොරෝනා සංචරණ සීමා මධ්‍යයේ ඔවුනගේ විවාහය උත්සවයක් පවත්වා සමරන්නට යෙදුනේ නැත. සතිඅන්ත පුවත්පතකට ශේෂාද්‍රි මේ ගැන අදහස් දක්වා තිබුනේ මෙපරිදිය.
‘මගේ අලූත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලූත් ජීවිතේ හැමදේම අලූත් කියලයි මට දැනෙන්නේ. දැන් මගේ ජීවිතයේ හැමදේම වෙනස්වෙලා. අපි දෙන්නාම දැන් අලූත් ජීවිතයට හැඩගැසෙමින් ඉන්නවා. මම විවාහ වුණේ හොඳම කාලේ කියලයි හිතෙන්නේ. මගේ විවාහය අගෝස්තු මාසයේ ගන්නවා කියලා තමයි සැලසුම් කරලා තිබුණේ. අන්තිම මොහොතේ අපි සැලසුම් කරපු දිනය වෙනස් වුණා.
මට ඕනෑවුණේ බොහොම සරලව වෙඩින් එක කරන්න. අනික මම කොහොමටත් වෙඩින් එකක් ගන්නවා කියන තැන හිටියේ නැහැ. මොකද හිතන්න ඕනෑ වෙඩින් එකෙන් පස්සේ ජීවත්වෙන්නේ කොහොමද කියලා. හොඳ විවාහ උත්සවයක් ගන්න ලොකු මුදලක් යනවා. අපි එ් මුදලින් අපේම කියලා ගෙයක් හැදුවා. දැන් අපි පදිංචිවෙලා ඉන්නේ එ් ගෙදර. මෙතැනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගතකරන්න තමයි අපේ ප‍්‍රධාන අරමුණ.‘
(සාකච්ඡා සටහන - නිරෝෂන් - දිවයින මීවිත )
පෙර ලිපි
--------
- ශේෂාද්‍රි ප්‍රියසාද්ගෙ මොකද තත්වෙ මේ දවස් වල? (2020 අගොස්තු)
- ශේෂාද්‍රිගේ ජීවිතයට විශේෂ කෙනෙක් ඇවිත් කපුකම කළේ දිනක්ෂිද?
- ශේෂාද්‍රි දිගටම මිසින් - සම්මාන ගත්තෙ අක්කා දිනක්ෂි
0 Comments