Jaffna-female-medical-student-hangs-herself-at-home

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි ශිෂ්‍යාවක නිවසේදීගෙළ වැලලාගෙන  දිවිනසාගත් පුවතක් අද (12) දින වාර්තා විය. තිරුලිංගම් චාරුකා  නමැති ඇය යාපනයේ උඩුවිල් බාලිකා විද්‍යාලයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ සිසුවියකි. 



උසස් පෙළ විභාගයෙන් දිස්ත්‍රික්කයේ ඉහළම සාමාර්ථ ලබා වෛද්‍යවිද්‍යාලයට තේරුණ ඇය පසුගිය කාලයේ කිසියම් මානසික පීඩනයකින් අධ්‍යයන කටයුතු වල නිරතවූ බවට තොරතුරු තිබේ.
කෙසේ වෙතත් ඇය ගෙල වැළලාගෙන මියයාමට හේතුවක් අනාවරණය නොවේ. යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ ඇය පදිංචි නිවස චුන්නාකම් පොලිසිය මගින් සෝදිසි කර නිවැසියන්ගෙන් ප්‍රකාශද සටහන් කරගෙන ඇත.
මරණය සම්බන්ධයෙන් චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.