ශ්‍රී ලංකාවේ මේ දක්වා ලබාදුන් එන්නත් අතර නොමැති චීනයේ නිෂ්පාදිත ‘සිනොවැක්‘ නමැති එන්නත් මාත්‍රා මිලියනයක තොගයක් ශ්‍රී ලංකාව වෙත නොමිලේ ප්‍රදානය කිරීමට තීරණය කර ඇතැයි  ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය දන්වා තිබේ.


ඔවුනගේ ට්විටර් ගිණුමේ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත්තේ ගෙවුණ අගොස්තු මාසය වනවිට ලෝකයේ බිලියන 1.8 ක් බෙදාහරින ලද ලොව වැඩිම පාවිච්චි කරන ලද සිනොවැක් එන්නත මෙලෙස ශ්‍රී ලංකාව වෙත එවන බවයි.


මේ දක්වා ශ්‍රී ලංකාවේ භාවිතයට ගෙන ඇත්තේ චීනයේ ‘සයිනොෆාම්‘, ඇමරිකාවේ ‘මොඩර්නා‘,ඇමරිකාවේ ‘ෆයිසර්‘, රුසියාාව් 'ස්පුට්නික් v', ඉන්දියාවේ‘කොවිෂීල්ඩ්‘ හා ජපානයේ ‘කොවිෂීල්ඩ්‘ යන එන්නත්ය.
චීනය දෙන්නට හදන සිනොවැක් එන්නත් ලංකාවේ නිෂ්පාදනය කරන්නට යන බව මීට ටික කලකට පෙර රාජ්‍ය ඇමති චන්න ජයසුමන දන්වා සිටි අතර ඒ සඳහා මහනුවර කුණ්ඩසාලේ පුද්ගලික කර්මාන්ත ශාලාවක සූදානමක්ද පැවතිණි.
කෙසේ වෙතත් සිනොවැක් එන්නත බ්‍රසීලය හා ඉන්දුනීසියාව වැනි අති විශාල ජනහණයක් වාසය කරන රටවල්වලට යොමු කර සියයට 50 ක පමණ අවම සාර්ථකත්වයක් පෙන්වන ලද බවට පර්යේෂණ වාර්තා ප්‍රසිද්ධ වූ අතර ඇතැම් රටවල් තවදුරටත් ‘සිනොවැක්‘ ලබාදීම නතර කරන ලද බවට ප්‍රවෘත්තිද පළ විය.
ලංකාවට සිනොවැක් එවන බවට චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවිඩය පහතින්