New York amid ‘historic’ flooding

ඇමරිකාවේ ජාතික කාලගුණ සේවය (එන්ඩබ්ලිව්එස්) හදිසි ජලගැලීම් අනතුරු ඇඟවීම නිව් යෝර්ක් නගරයට නිකුත් කර තිබේ.


මෙය ඉතිහාසයේ විශාලතම ජලගැලීම් ගැටලුව ලෙස නම්කර ඇති අතර, ඉඩා සුළි කුණාටුවේ අවශේෂ හේතුවෙන් මැන්හැටන්, බෘක්ලින් සහ නිව් ජර්සි හි උමං මාර්ග සහ වීදි ජලයෙන් යට කරමින් අධික වර්ෂාව ඇද හැලෙමින් පවතී.
වොෂිංටන් පෝස්ට් පුවත්පතට අනුව, සුළි කුණාටුවෙන් නිව් ජර්සි හි එක් පුද්ගලයෙකු මිය ගිය බවට පමණක් වාර්තා තිබේ. අධික ජලගැලීම් තත්වය රාත්‍රියේ පවතින නිසා මියගිය හෝ අතුරුදන් ගණන ගැන නිවැරදි සංඛ්‍යා ලේඛන සොයාගැනීම අපහසුවී ඇත.



නිව් යෝර්ක් නගරාධිපති බිල් ද බ්ලැසියෝ බදාදා මධ්‍යම රාත්‍රියට සුළු මොහොතකට පෙර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, අපි අද රාත්‍රියේ ඓතිහාසික කාලගුණ ප්‍රහාරයක ගොදුරක් බවට පත්ව ඇත්තෙමු. අනතුරුදායක තත්ත්වයන් ගැන රජයේ නිවේදන සමග දිගටම රැඳෙන්න යනුවෙනි.

ද බ්ලැසියෝ රාත්‍රී 11.30 ට පමණ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර පසුදා උදෑසන 5 සිට නගරයේ සියලුම වාහන ගමනාගමනය නතර කරන ලෙසත් අවස්ථාව ලැබෙන්නේ හදිසි සේවා වාහන වලට පමණක් බවත් දැන්වීය. 

බදාදා රාත්‍රී නිව්යෝර්ක් වැසියන් දහස් ගණනකට විදුලිය අහිමි වූ බවද වාර්තා විය.
අධික සුළං, ධාරානිපාත වර්ෂාව සහ අවම වශයෙන් එක් සුළි කුණාටුවක් ද පෙන්සිල්වේනියාව සහ නිව් ජර්සි නගරයට පහර දුන් අතර එක්සත් ජනපද තැපැල් සේවා ගොඩනැගිල්ලක වහලය කඩා වැටී අතරමගදී වේල්ලක් යටවීමේ තර්ජනයක් එල්ල විය.
ෆිලඩෙල්ෆියා නගරයට නුදුරින් පිහිටි නිව් ජර්සි ප්‍රාන්තයේ මුල්ලිකා හිල් හි නිවෙස් සුන්බුන් බවට පත් වී ඇති බව එන්ඩබ්ලිව්එස් තහවුරු කළ අතර සමාජ මාධ්‍ය සටහන් වලින්ද ඒ බව පෙන්නුම් කෙරිණි.

පහත පළවන්නේ ට්විටර් ජාලාවට විවිධ පුද්ගලයින් එක්කරනලද ජලගැල්මේ විඩියෝ කොටස්ය.