Pahan Thudawa Woman arrested in Maharagama and man arrested in Elpitiya

මේ දිනවල දැඩි ලෙස කතාබහක් ඇති කළ බලංගොඩ, පහන්තුඩාව දිය ඇල්ල අසල අසභ්‍ය වීඩියෝ පටයකට සම්බන්ධ වූ පුරුෂයා හා කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (2) සවස අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.


රූපලාවන්‍ය ශිල්පිණියක බව පැවසෙන 24 හැවිරිදි කාන්තාව පන්නිපිටියේදීත් රැකියාව සඳහන් නොකළ 34 හැවිරිදි පුරුෂයා මහරගමදීත් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් විවාහකයින් හෝ පෙම්වතුන් නොවූ බව ද පැවසෙන අතර කාලයක් පැවති අනියම් ඇසුරකින් පසුව මුදල් ඉපැයීමේ අරමුණින් දෙදෙනා එක්ව අසභ්‍ය වීඩියෝපට නිෂ්පාදනයට අතගසා තිබූ බව පැවසේ. ඔවුන් පහන් තුඩාව පමණක් නොව දිවයිනේ ඒ ආකාර ආකර්ෂණීය ස්ථාන 50 කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය කරමින් මෙම වීඩියෝ පට නිෂ්පාදනය කර ඇති බව පොලිසිය සොයාගෙන තිබේ.
පොලිසිය සොයාගත් තොරතුරු අනුව මෙම වීඩියෝ පටිගත කිරීම දෙදෙනා එක්ව සිදු කර ඇති අතරම සංස්කරණ කටයුතුද දෙදෙනා එක්ව සිදු කර ඇත.

සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වූ අසභ්‍ය වීඩියෝ පට ගැන  විවිධ පාර්ශවයන්ගේ දැඩි විරෝධය සමග එල්ලවූ පැමිණිලි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසු යුවළ සොයාගෙන ඇත.
මීට පෙරත් මෙවැනි අසභ්‍ය වීඩියෝ 50 කට වැඩි ප්‍රමාණයක්  රටේ විවිධ ප්‍රදේශ වල විවිධ ආකර්ෂණීය ස්ථාන වල රූගත කර ඒවා අසභ්‍ය වෙබ් අඩවි සඳහා යොමු කර ඔවුන් විශාල වශයෙන් මුදල් උපයා තිබූ බවද සැල විය.



මෙම යුවළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දැනට පොලිස් භාරයේ රඳවා සිටී.
හෙට දින අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් කර ඇතැයිද වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තා
පහන් තුඩාව ක්ලිප් එක සේව් කරගන්න එපා - පොලිසියෙන් මාධ්‍ය නිවේදනයක්
පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ
ජනශූන්‍යවූ පහන්තුඩාව දිය ඇල්ල යුවළක අතින් දූෂණයට