Pahanthudawa waterfall abused by a couple

මේ දිනවල කොරෝනා ලොක්ඩවුන් කිරීම් අතරතුර ජනශූන්‍යවූ බළන්ගොඩ බෙලිහුල්ඔය පහන්තුඩාව දිය ඇල්ල නරඹන්නට ගිය යුවළක් දිය ඇල්ල පෙනෙන මානයේ සිට වීඩියෝ ගත කරමින් ලිංගිකව හැසිරී එහි මුහුණු හඳුනාගත නොහැකිවන ලෙස වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබේ.
මෙම වීඩියෝව දැනට දින කිහිපයක සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර මුළුමනින්ම නිල් චිත්‍රපටයක ජවනිකාවකට සමාන එම වීඩියෝව නිසා සංචාරක ආකර්ෂණයක් වූ පහන්තුඩාව පරිශ්‍රය මෙන්ම ශ්‍රී ලංකාවේ දර්ශනීය ස්ථානයක් ගැන ප්‍රතිරූපය විනාශවී ඇතැයි ප්‍රදේශවාසීන් දන්වා තිබේ.


ඉඹුල්පේ ප්‍රාදේශිය සභාව මගින් පාලනය වන පහන්තුඩාව වඩාත් ප්‍රකටව ඇත්තේ ‘පහනක තුඩට‘ සමාන දිය ඇල්ල නිසාය. කැලය මැද දුෂ්කර ගමනකින් ඒ වෙත ළඟාවන පිරිස් එහි පුළුල්වූ ගල් තලාව මත සිට විවිධ

ඡායාරූප ලබාගන්නට මෙන්ම ස්නානය සඳහාද යොමුවීම සුලබ දසුනක් වී තිබුණි. ඒ ආසන්නයේ වෙළහෙළඳාම්ද පැවති අතර මේ සියල්ල කොරෝනා ලොක්ඩවුන් කිරීම මැද තාවකාලිකව නතරවී තිබේ.

මේ හේතුවෙන් ජනශූන්‍ය පරිසරයේ නිදහස අනිසි ලෙස භුක්ති විඳීමට පැමිණි යුවළක් මෙම වීඩියෝගත කිරීම සිදුකර ඇති බවට සැක කෙරේ.
මේ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරී ඇතිවා සේම එය විනෝදයට ගෙන විවිධ ෆේස් බුක් ‘මිමි‘ ද නිර්මාණයවී ඇත්තේ සිදුවීම තුළින් වින්දනයක් මතු කරමිනි.

මෙම වීඩියෝව අන්තර්ජාලයට උඩුගත කරන්නට අවකාශ ඇත්තේ අදාළ යුවළගෙන් පිරිමියා හෝ ගැහැණිය පමණි. ඔවුනගේ කැමරාව යම් තැනක රඳවා සහ කැමරාව අතේතබාගෙන ලිංගික හැසිරීම විඩියෝ කර තිබූ අතර පසුව වීඩියොව සංස්කරණය කරද්දී සියලුම හඳුනාගැනීමේ ලක්ෂණ මකාදමන්නට කටයුතු කර ක්‍රියාකාරකම පමණක් ප්‍රසිද්ධ කර තිබුණි.
ඇතැම් ප්‍රසිද්ධ විදේශ අසභ්‍ය වෙබ් අඩවි වලට මෙවැනි වීඩියෝ යොමු කරන්නන්ට ඉහළ මිලක් ලැබන අතර මින් ඉහත යාපනයේ විද්‍යා දැරිය දූෂණය කළ වීඩියෝවද එවැනි අරමුණකින් පටිගත කළ එකක් බව පසුව හෙළිවී තිබුණි.


මෙම නිරුවත් වීඩියෝ පටය අන්තර්ජාලයට යොමුකළ අය කවුරුන්දැයි සොයාගැනීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේද අවධානය මේ වනවිටත් යොමුවී ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙකු උපුටමින් අද දින මව්බිම පුවත්පතද වාර්තා කර තිබේ.
සම්බන්ධිත පුවත්
 පහන්තුඩාව වීඩියෝවේ කාන්තාව මහරගමදීත් පුරුෂයා ඇල්පිටියේදීත් අත්අඩංගුවට
පහන් තුඩාව ක්ලිප් එක සේව් කරගන්න එපා - පොලිසියෙන් මාධ්‍ය නිවේදනයක්
පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ