“regeneron ” නමැති මෙම ඖෂධය සම්බන්ධයෙන් ලෝකයේ පළමු වරට කතාබහක් මතු වුණේ අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොරෝනා වෛරසය අසාදානය වූ අවස්ථාවේදී එය ලබාදීමත් සමගයි.
සංකූලතා සහිතවුවද ඩොනල්ඩ් ට්‍රම්ප් එමගින් සුවය ලැබීමත් සමග ඔහු විසින්ම එම ඖෂධය සම්බන්ධයෙන් අනාවරණ කරනු ලැබුණි.


කොවිඩ් රෝගීන් සඳහා ලබාදෙන “regeneron” නමැති ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ විශේෂඥ කමිටුව අනුමැතිය ලබාදී තිබෙයි. ඖෂධ වර්ග 02 ක් මිශ්‍රකර එන්නත් කරන “රෙගන් කෝව්” මගින් කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිබව පිළිගනිමින් ලොව රටවල් රැසක් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙයි.

එම ඖෂධය ලබාදීමෙන් අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත අවදානම සියයට 81 කින් අඩු වන බව පරීක්‍ෂණවලින් සනාථ කර ඇත.

නිධන්ගත රෝග වලින් පෙළෙන පුද්ගලයින්ට ද මෙම ඖෂධය සුදුසු බව අනාවරණ වී ඇත. ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක්ද දැනටමත් කොවිඩ් රෝගීන් සඳහා එම ඖෂධය ලබාදීමට අනුමැතිය ලබාදී තිබෙයි.