Singapore PM arrested for posting dishonest articles
සිංගප්පූරුවේ අග්‍රාමාත්‍ය ලී හ්සියෑන්ග් ලූන්ග් ව විවේචනය කරමින් ලිපි පළ කළ ප්‍රවෘත්ති බ්ලොග්කරුවන් දෙදෙනකුට  සිංගප්පූරු ඩොලර් 370,000 ක (රුපියල් කෝටි 5) දඩ ගෙවන ලෙස


එරට මහාධිකරණයක් නියෝග කර ඇත.

නූතන සිංගප්පූරුවේ නිර්මාතෘ සහ අග්‍රාමාත්‍ය ලී හ්සියැන්ග් ගේ පියා වන ලී ක්වාන් යූ ට අයත් නිවසක් සම්බන්ධයෙන් ලියන ලද ලිපියක් මීට මූලික විය. එම ලිපියෙන් තමන්ට අපහාසයක් සිදු ව ඇතැයි අග්‍රාමාත්‍ය ලී හ්සියෑන්ග් ලූන්ග් ගේ ප්‍රවෘත්ති බ්ලොග්කරුවන් දෙදෙනාට චෝදනා කළේ ය.



මෙම ලිපිය ලියා ඇත්තේ රුබාෂිනිට ෂන්මු

ගනාතන් වන අතර අදාළ ලිපිය පළ වූ බ්ලෝග් අඩවියේ කර්තෘ වන්නේ මු යුවාන් වෙන් ය.
'ද ඔන්ලයින් සිටිසන් බ්ලොග් අඩවියේ අදාළ ලිපිය පළ වූ අතර ලී ක්වාන් යුගේ අභාවයෙන් පසු ඔහුට අයත් නිවස සම්බන්ධයෙන් සහ දේපොළ සම්බන්ධයෙන් පවුල තුළ අර්බුදයක්ඇති වී ඇතැයි එම ලිපියේ පළ විය.

 ලී ක්වාන් යූගේ පුත් ලී සියැන්ග් ලූන්ගේ වංක පුද්ගලයකු යැයි අදාළ ලිපියෙන් චෝදනා කරතිබිණි. මෙම අග්‍රමාත්‍ය ලී ගේ කීරතිනාමයට සහ චරිතයට එමගින් හානි සිදු වී ඇතැයි මහාධිකරණ විනිසුරු අවුඩ්‍රි ලිම් පැවැසුවා ය.“මෙම ලිපියෙන් ලීගේ පෞද්ගලික ජීවිතයේ අවංකත්වයට බරපතළ පහරක් එල්ල වී තිබෙනවා. එමෙන්ම පෞද්ගලිකත්වය මෙන්ම සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා ලෙසත් ඔහුගේ විශ්වාසනීයත්වයට බරපතළ හානියක් සිදුව තිබෙනවා”

යැයි ලිඛිත නියෝගයක් කරමින් ලිම් සඳහන් කළාය. යුවාන් චෙන්, ටෙරි ෂු යන නමින් ද හැඳින්වෙන අතර හෙතෙම සිංගප්පූරු ජාතිකයෙකි. ඔහු අග්‍රාමාත්‍යවරයාට සිංගප්පූරු ඩොලර් 210,000ක මුදලක් ගෙවිය යුතුය.

අදාළ ලිපිය සම්බන්ධයෙන් තවත් නඩු තීන්දුවක් ලබා දී තිබෙන අතර එයට අනුව මැල්සියානු ජාතිකකාන්තාවක වන රුබාෂිනි සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාට සිංගප්පූරු ඩොලර් 160,000ක මුදලක් ගෙවිය යුතු ය. ඔවුන් දෙදෙනාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ ද ඔවුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය. සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ඉකුත් මැයි මාසයේ දී අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ලිපියෙන් තමන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇතැයි එම අවස්ථාවේ දී පැවැසී ය. අදාළ නඩු තීන්දුවෙන් ලැබෙන මුදල් පුණ්‍ය කටයුතුවලට ලබාදෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

දිවංගත අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මෙන්ම සිංගප්පූරුවේ පීපල්ස් ඇක්ෂන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝමයක් විදෙස් මාධ්‍යවලට මෙන්ම දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව අපහාස චෝදනා එල්ල කර ඇත.