ලබන මස 17 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භවීමට නියමිත 2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ය මේ වනවිට එළිදක්වා ඇති නමුත් එහි ත්‍රිමාන රූප අතරට ශ්‍රී ලංකාව නොමැතිවීම ක්‍රීඩා ලෝලීන්ගේ කණස්සල්ල මතු කර තිබේ.


ත්‍රිමාන සජීවීකරණ රූපද ජපන් මැංගා රූප රාමුද ආශ්‍රය කරගෙන ඉන්දියානු සංගීතවේදී අමිත් ත්‍රිවේදී නිර්මාණය කළ බව කියන මෙම තේමා ගීතයට විරාට් කෝලි, ග්ලේන් මැක්ස්වෙල්ථ කයිරන් පොලාඩ් ,රශීඩ් ඛාන් ආදීන්ගේ රූප සමග ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල නිල ඇඳුම් සහිත ත්‍රිමාන පුද්ගලරූප කිහිපයක් ඇතුළත්ව ඇති නමුත් ශ්‍රී ලංකාවේ නිල ඇඳුමක් හෝ කිසිම සඳහනක් ඇතුළත් නොවීම විශේෂිතය.ශ්‍රී ලංකාව පමණක් නොව තවත් විශේෂ ක්‍රිකට් රටවල් ගණනක්ද මෙහිදී ‘හලා‘ ඇත.
විවාදයට තුඩුදුන් වීඩියෝව පහතින්