ඇෆ්ගනිස්ථානයේ හිටපු උප ජනාධිපති අම්රුල්ලා සලේගේ වැඩිමහල් සොහොයුරු රොහුල්ලා සාලේ තලේබාන් සංවිධානය විසින් කෘෘර ලෙස ඝාතනය කර තිබේ. තලෙයිබාන් ආරංචි මාර්ග කියා සිටියේ රොහුල්ලා සාලේ පංජ්ෂීර් නිම්නයේදීම ඝාතනය කළ බවයි. ආරංචි මාර්ග පැවසුවේ රොහුල්ලා තලේබාන් ත්රස්තවාදීන්ගේ වධ හිංසාවලට ලක්ව මිය ගිය බවයි. තලේබාන් සංවිධානය මුලින්ම සලේට කසයෙන් සහ විදුලි රැහැන් වලින් පහර දුන් බවත් පසුව ඔහුගේ බෙල්ල කපා වෙඩි තැබූ බවත් කියැවේ.
රොහුල්ලා සාලේ පන්ජිර් සිට කාබුල් වෙත යමින් සිටි යදී තලේබාන් සංවිධානය ඔහු යන බව දැනගෙන අත්අඩංගුවට ගෙන මේ ආකාරයට මරාදමා තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු උපජනපති අම්රුල්ලා සාලේ මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.
සාලේගේ දේහය ලබා දීම තලේබාන් සංවිධානය ප්‍රතික්ෂේප කරන අතර, එය කුණු විය යුතු බවටද අමානුෂික ආකාරයට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තලේබාන්නු රට ඇල්ලූ අවස්ථාවේ ජනපති ඝානි රට හැර ගිය පසු උප ජනපති සාලේ තමා ජනාධිපති බව ප්‍රකාශ කළේය . ඊට සමගාමීව ඔහු, පංජ්ෂීර් සටන්කාමීන් සමඟ ජාතික ප්‍රතිරෝධක බලකාය යටතේ තලෙයිබාන්වරුන්ට එරෙහිව උද්ඝෝෂණද කළේය. මෙම පලිගැනීම කර ඇත්තේ ඒ ක්‍රියාවන් නිසාය.
තලේබාන් සංවිධානය මීට පෙර සතියේ පන්ජ්ෂීර් හි නායකයින් දෙදෙනෙකු ද ඝාතනය කර ඇත.
තලේබාන් සංවිධානය සාමකාමී විරෝධතාකරුවන් සඳහා කුරිරු බවක් පෙන්නුම් කර ප්‍රචණ්ඩකාරී ක්‍රම අනුගමනය කරන බවත් ඔවුන් ආයුධ සහ කස වලින් පහර දෙන බවත් විවේචනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔවුන් සමග අනාගතයෙදී කටයුතු කිරීම දුෂ්කර වනු ඇතැයි අනතුරු අඟවා තිබේ. එම බලධාරීන්ට අනුව තලේබාන් හිංසනයට ගොදුරු වූ සිව් දෙනෙකු මේ වන විට මිය ගොස් ඇත.
(Live Hindustan ඇසුරිනි)
( gossiplankanews.com )
0 Comments