වැල්ලවාය ඇල්ල ප්‍රදේශයේ පිහිටා තිබෙන රාවණා ඇල්ල නැරඹීමට පැමිණි විදෙස් කණ්ඩායමක තරුණියක ගල් තලාවට නැගීමට යෑමේදී පය ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. තුවාල ලබා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල ජාතික 23 හැවිරිදි තරුණියක වන අතර


ඇයගේ කන්ඩායමේ සංචාරකයන් 12 දෙනකු සිට තිබේ. ඔවුන් රාවණා ඇල්ල නැරඹීමට ගොස් ඇල්ලේ උඩකොටසට ගල් මතින් නැඟයෑමට උත්සාහ කිරීමේදී පය ලිස්සායාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඇය අඩි 10 පමණ පහළට වැටී තිබෙන බව වාර්තා වෙයි.
ගල් මත ලිස්සීම නිසා බරපතළ තුවාල ලැබූ ඇය වැල්ලවාය මූලික රෝහලටත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලටත් මාරුකොට  ඇති අතර රෝහල් ආරංචි පවසන්නේ ඇයගේ තත්ත්වය බරපතළ වූ බැවින් පසුව තෙවැනිව බදුල්ල මහ රෝහලට මාරුකොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.