කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි සයිඩ් රෆයිඩීන් නැමැති වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි ඊයේ ජිවිතක්ෂයට පත්විය.
වයස 63 ක් වූ බව කියන මෙම වෛද්‍යවරයා වසංගතය තුළ විශ්‍රාමික වෛද්‍යවරුන්ට යලි සේවයට කැඳවීමේ අවස්ථාව අනුව පැමිණ කටුගස්තොට රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරමින් සිටියේය. එම රෝහල මේ දිනවල කොරෝනා ආසාදිත ගර්භණී මවුවරුන් සඳහා වෙන් කර තිබේ.



මාවිල්මඩ ප්‍රදේශයේ පදිංචි ඔහු කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට පසුගිය 18 වැනි දින ඇතුළත් කර  දැඩි සත්කාර ඒකකයේ සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසේ.
 ඔහුගේ ජීවිතය බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරූ නමුත් ජීවිතක්ෂයට පත්වූ බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ අර්ජුණ තිලකරත්න පැවසුවේය.

මළ සිරුරු භූමදාන කටයුතු සඳහා ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේදී භූමදානය කිරීමට නියමිතයි.