පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවති සඟවා තිබූ හා නොතිබූ සහල් තොග සියල්ල
රජයට පවරා ගැනීම අද (08දා) සිදුවූයේ විශේෂ මෙහෙයුමක් ලෙසිනි. පසුගියදා ජනපති නිකුත් කළ නියෝග ප්‍රකාරව ක්‍රියාත්මකවූ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තොග රජයට පවරාගනු ලැබීය. මෙහිදී තොග හිමියන්ට පාලන මිළ ගණන් යටතේ රජයේ සම්මත මිල ගෙවා සතොස වෙළඳසැල් වෙත එම අවස්ථාවේදීම ප්‍රවාහනය ආරම්භ කරන ලදි.
මේ සදහා රාජ්‍ය නිලධාරීන් 50 පමණ වාහන 15කින් පමණ පැමිණ සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ ඇති බවයි වාර්තා විය.
සහල් තොග මිල මේ වනවිට පහත බැස ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ අද සවස පවසා තිබුණි.
පිටකොටුව තොග වෙළෙඳපොළේ අද සවස්වන විට සුදු හා රතු කැකුළු සහල් කිලෝවක තොග මිල රුපියල් 90 දක්වා ද, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 95 දක්වා ද, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 100 -102ක දක්වා ද කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් 120 දක්වා ද අඩු වි ඇතැයි තොග වෙළෙන්දෝ පවසති.
කඩාපැනීමේ මෙහයුම ගැන පළ කර තිබූ නිවේදනය පහතින්
0 Comments