Trump to support Bolzoni's next presidential race in Brazil

සිකුරාදා ඩේලි බීස්ට් පුවත්පත වාර්තා කළේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්ත දක්ෂිනාංශික බ්‍රසීලියානු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ ඊළඟ මැතිවරණ ප්‍රයත්නයට උදව් සඳහා සම්බන්ධ වීමට සලකා බලමින් සිටින බවයි.
විශ්වාසවන්ත ආරංචි මාර්ග පළ කර තිබෙන්නේ බොල්සොනාරෝගේ නැවත තෝරා ගැනීම ප්‍රසිද්ධියේ අනුමත කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් වන අතරම, බ්‍රසීලයේ පැවැත්වෙන මෙගා-රැලියකට ඇමරිකාවේ සිට පැමිණෙන ට්‍රම්ප්  සහ බොල්සොනාරෝ එකට කරට කර පෙනී සිටිය හැකි බවයි.
ට්‍රම්ප් තැබූ ට්විටර් සටහනකින්ද මේ ගැන සනාථ කර තිබෙන නමුත් ඔහු සම්බන්ධවන්නේ අන්තර්ජාලය ඔස්සේද නැතිනම් බ්‍රසීලයට ගොස්දැයි තවම කිව නොහැකිය.
එම සටහනේ මෙසේදැක්වේ.
‘මගේ මිත්‍ර @bolsonaroSP සමඟ සම්බන්ධ වීමට බලාපොරොත්තු විය.
  බ්‍රසීලයේ නමුත් සුළි කුණාටු හේතුවෙන් නිව් ජර්සි හි ගුවන් තොටුපල වසා දැමීම අපව ප්‍රමාද කළේය. මම සැබවින්ම @cpacbrasil හා සම්බන්ධ වෙමි
  මිනිත්තු කිහිපයකින්, ඉදිරි මාස කිහිපය තුළ බ්‍රසීලයේ සංචාරය කරන්න! රැඳීසිටින්න‘


බ්‍රසීලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන සහ ‘බ්‍රසීලයේ ඩොනල්ඩ් ට්‍රම්ප් කනිෂ්ඨයා‘ ලෙස ඇමරිකානු පුවත්පත් වල විස්තර කෙරෙන ජනාධිපති බොල්සොනාරෝගේ පුත් එඩ්වාඩෝ මෑතකදී ට්‍රම්ප් හමුවූ බව මාධ්‍ය වාර්තා පළ විය. පසුගිය මාසයේදී බාල බොල්සොනාරෝ ට්‍රම්ප් කුළුණේ හිටපු ජනාධිපතිවරයා අසල සිටිමින් ඔහුගේ ඡායාරූප ඉන්ස්ටර්ග්‍රෑම්හි පළ කළේය.
බොල්සොනාරෝගේ දියණියද හිටපු ජනාධිපතිවරයා සමඟ පෙනී සිටිමින් තමාට ට්‍රම්ප්ට ආරාධනා කිරීමට අවස්ථාව ලබා ගත් බව පවසා තිබුණි. ‘ඔහු සුදුසු වේලාව බලා අපේ රටට පැමිණීමට නියමිතයි‘ එම වාර්තා වල සටහන් විය.



පසුගිය කාලයේ දේශපාලන දුර්වල කළමනාකාරීත්වය මත කොරෝනා වසංගතය ඔඩුදිවීම නිසා අපකීර්තියට පත්
බොල්සොනාරෝ නැවත තේරී පත් වීමේ දැවැන්ත සටනකට මුහුණ දෙන අතර අන්තර්ජාල මත විමසීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ ඔහු හිටපු කම්කරු පක්ෂයේ සභාපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාට පසුපසින් සිටින බවයි. බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඔහුගේම මැතිවරණ ව්‍යාජයන් පතුරුවා හැරීමට උනන්දුවනවාට අමතරව,  කුමන්ත්‍රණ උත්සාහයන්ද ගෙන ඇත.

( ‘ද ඩේලි බීස්ට්‘ ඇසුරිනි - gossiplankanews.com )