US-admits-Pfizer-weakens-after-6-months---officially-decides-to-give-booster-doses

එන්නත් විශේෂඥයින් අතර දින ගණනාවක දීර්ඝ විවාදයෙන් පසුව, ෆයිසර්/බයෝඑන්ටෙක් කෝවිඩ් -19 එන්නතෙහි බූස්ටර් සිකුරාදා අනුමත කරන්නට ඇමරිකානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කළේය. ඒ අනුව ඇමරිකාවේ වැඩිහිටියන්ට බූස්ටර එන්නත නිල වශයෙන් ලබා දිය හැකිය.


සිකුරාදා අලුයම, එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි දන්වා සිටියේ බූස්ටර් එන්නත අනුමත කළ බවත් මුලින්ම නිර්දේශ කිරීම සඳහා-වයස අවුරුදු 18 සිට 64 දක්වා වූ කොවිඩ් -19 අවදානම වැඩි පුද්ගලයින් තෝරාගෙන ඇතිබවයි.
ෆයිසර්/බයෝන්ටෙක් කෝවිඩ් -19 එන්නත් මාලාව ලබා ගත් 65 සහ ඊට වැඩි පුද්ගලයින් සහ දිගු කාලීන සත්කාර පහසුකම් ලබමින් පසුවන්නන්ට ප්‍රමුඛතාව ලබාදී ඇත.
රෝගී තත්වයන් සහිත වයස අවුරුදු 18 ත් 49 ත් අතර පුද්ගලයින්ට ඔවුන්ගේ පුද්ගලික ප්‍රතිලාභ සහ අවදානම් මත පදනම්ව බූස්ටරයක් ​​ලබා ගත හැකි බවට එන්නත් උපදේශකයින්ගේ නිර්දේශය සීඩීසී අනුමත කළේය.


ෆයිසර් මාස හයකට පසු ප්‍රතිශක්තිය දුර්වල වීමට පටන් ගන්නා බවට ප්‍රමාණවත් සාක්ෂි තමන් සතුව ඇති බවත්, බූස්ටරයක් ​​ලබා දීමෙන් ප්‍රතිශක්තිය ආරක්ෂිතව ප්‍රතිස්ථාපනය කරන බවත් සමාගම දන්වා තිබුණි.
විශේෂයෙන්ම එක්සත් ජනපදය සහ ඊශ්රායලය තුළ බූස්ටර මාත්‍රා පිළිබඳ වැඩි දත්ත ජනනය වෙමින් පවතින අතර, අනාගතයේදී බූස්ටර සඳහා ජාත්‍යන්තර සම්මතයක් සැකසෙනු ඇත.
සිය එන්නත සඳහා බූස්ටර් වලට අවසර දෙන ලෙස මොඩර්නා  නිෂ්පාදකයින්ද ඉල්ලා ඇතත් තවම ඒ ගැන සලකා බලා නැත. ඇමරිකාවේ අනෙක් ප්‍රධාන එන්නත වන ජොන්සන් සහ ජොන්සන් සිය නිෂ්පාදනය ගැන සෑහීමකට පත්ව සිටින අතර බූස්ටර අනුමැතිය සඳහා අයදුම් කර නැත. 
(සීඑන්එන් ඇසුරිනි Gossiplankanews.com)