පසුගිය අගෝස්තු 29 වන දින ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර වාහනයක් ඉලක්ක කර ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබුනේ එහි පුපුරන ද්‍රව්‍ය ඇති බවට පෙන්ටගනය කළ නිගමනය මතයි. නමුත් නවතම නිව්යොර්ක් ටයිම්ස් වාර්තාවකින් හෙලි කර ඇත්තේ මෙම පුපුරුවා හැරීම මගින් අහිංසක දරුවන් 7 දෙනෙකු ඇතුළු සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ඝාතනය වූ බවත් එහි කිසිම පුපුරන ද්‍රව්‍යයක් නොතිබූ බවත්ය.
මෙම පිපිරවීම ඉලක්ක කළ ටොයොටා කොරොල්ලා වර්ගයේ වාහනය පාවිච්චි කර තිබුනේ 43 හැවිරිදි සෙමරි අහමදි නමැති පුද්ගලයෙකු වන අතර ඔහු මිනිසුන්ට පිළිසරණ සපයන රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකු විය. ඔහුගේ රාජකාරිය වී ඇත්තේ සිය වාහනයෙන් වරින්වර ගොස් එකී ආයතනයෙන් නම් කළ ස්ථානවල ජනතාවට දිවා ආහාර බෙදාදීමය.
ඒ නිසා ඔහුගේ වාහනයේ කෑම වර්ග හා ජලය තිබී ඇත. එසේම ඔහු ජලය පුරවන කෑන්ද වාහනය ඔස්සේ නිතර ප්‍රවාහනය කරන අතර සිද්ධිය වූ දිනයේ ඔහු එවැනි කෑන් කිහිපයක් ජලයෙන් පුරවා ගන්නා ආකාරයද සීසීටීවී දර්ශන ඔස්සේ වාර්තා වී තිබේ.
පෙන්ටගනය අත්වැරදීමක් ලෙස මෙම අහිංසක පුද්ගලයා හා ඔහුගේ පවුලම විනාශ කර ඇති බවට අදාළ පුවත් වාර්තාව පෙන්වා දෙයි.
අගොස්තු 29 වනවිට තලේබාන්නු ඇෆ්ගනිස්තානය අත්පත් කරගෙන ඇමරිකානුවන් පිටව යමින් සිටි අවස්ථාවක් වූ අතර ISIS-K සටන් කාමීන් කාබුල් ගුවන් තොටුපළේ ප්‍රහාර 3 ක් එල්ල කර භයංකර තත්වයක් නිර්මාණය කර තිබූ පසුබිමක් පැවතිණි. මෙම නිසා ඇමරිකානු සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබුණි. එක්වරම ඩ්‍රොන ප්‍රහාරයක් මගින් වාහනයක් පිපිරවූ බවට ආරංචිය එන්නේ එවැනි අවස්ථාවකය.
පෙන්ටගනය කියා සිටියේ කාබුල්හි ISIS-K මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු මරා දැමූ බවය.
ඇත්ත වශයෙන්ම එය ඉලක්ක කර තිබුනේ පුපුරන ද්‍රව්‍ය වෙනුවට තම කාරය ජල ජෝගු වලින් පුරවාගනිමින් සිටි සහායක සේවකයෙකු වෙනුවෙන් වීම විශාල අත්වැරද්දකි.
නිව් යෝර්ක් ටයිම්ස් කළ විමර්ශනය අනුව 43 හැවිරිදි සෙමරි අහමදිගේ ටොයොටා කොරොල්ලා රථයත් ඔහුත් දරුවන් 7 දෙනෙකුත් ඇතුළු පවුලේ 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.තවත් පිටස්තරයෙකු සමග මියගිය ගණන 10 කි.
නමුත් ඇමරිකාවේ පෙන්ටගනය තවමත් කියා සිටින්නේ පිපිරීමෙන් සිවිල් වැසියන් තිදෙනෙකු පමණක් මිය ගිය බවයි.
ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු, ජනාධිපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීම සලකුනු කරමින් දේශනයක් කළේය. රැඳී සිටීමක් නොමැතිව ත්රස්තවාදීන්ට සහ ඉලක්ක වලට පහර දීමට ඇමරිකාවට ඇති හැකියාව ගැන ඔහු විස්තර කළේය. නමුත් අගෝස්තු 29 දා සිදු වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් සිවිල් මරණ සිදුවූ අයුරු ගැන සඳහන් නොකිරීමට හෝ ළමයින් මිය ගිය බව සඳහන් නොකිරීමට ඔහු වග බලාගත්තේය.
අහමදි එක්සත් ජනපදය පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක්වූ පෝෂණ හා අධ්‍යාපන ජාත්‍යන්තර ආධාර ආයතනයේ සේවය කළ අතර, ඔහුගේ පවුලේ අය සඳහා වතුරෙන් පිරුණු ජෝගු හැර වෙනත් කිසිවක් කාරයට පටවා නොගත් බව නිව්යොර්ක් ටයිම්ස් වාර්තා කළේ සාක්ෂිකරුවන් හා නිරීක්ෂණ උපුටා දක්වමිනි.අහමදිගේ සහෝදර එමාල් පුවත්පතට කියා සිටියේ, අහමදි එක්සත් ජනපදය සමඟ සරණාගතභාවය ලබා ගැනීමට උත්සාහ කළ අයකු බවයි. ඔහු වැඩ කළේ ඇමරිකානුවන් සඳහා බවද ඔහු මතක් කළේය.
නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, ඩ්‍රෝන් ප්‍රහාරයෙන් මිය ගියේ අහමදි සහ ඔහුගේ දරුවන් තිදෙනා වන සමීර්, 20, ෆයිසාල්, 16 සහ ෆර්සාද්, 10; අහමදිගේ ඥාති සොහොයුරු නාසර්, 30; අහමදිගේ බෑණනුවන්ගෙන් තිදෙනෙක් සහ මාලිකා සහ සෝමායා යන තුන් හැවිරිදි දැරියන් දෙදෙනෙකි.
( නිව්යෝර්ක් ටයිම්ස් ඇසුරිනි -gossiplankanews.com )
සීසීටීවි සහිත වීඩියෝ දර්ශන මගින් නිව්යොර්ක් ටයිම්ස් කරන හෙලිදරව්ව පහතින්
0 Comments