We-will-be-withdrawing-money-printed-in-the-coming-days-Cabraal-tells-Bloomberg

අලුතින් පත් වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මේ සතියේ නව ආර්ථික ස්ථාවර මාර්ග සිතියමක් එළිදක්වන බව ජාත්‍යන්තර ආර්ථික පුවත් නාලිකාවක් වන බ්ලූම්බර්ග් වෙත පවසා තිබේ. බ්ලූම්බර්ග් නාලිකාව සමග සිය නව තනතුර ලැබීමෙන් පසු  මංගල සම්මුඛ සාකච්ඡාව හා එක්වෙමින් ඔහු මේ අදහස් පළ කර තිබේ.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනඟා ගැනීමේ අරමුණින් මුදල් මුද්‍රණය ආපසු ඇද ගැනීමේ සැලසුම් ඇතුළුව මූල්‍ය ස්ථායිතාවට මුල් තැන දෙමින්  වෙළෙඳපොළ හසුරුවන්නට වැඩ කිහිපයක් සිදු කරන බව ඔහු මෙහිදී කියා තිබේ.
"විවිධ පාර්ශවකරුවන් සහ ඔවුන්ගේ අපේක්ෂාවන් සැලකිල්ලට ගනිමින් අපි ඉදිරි දින කිහිපය තුළ මාර්ග සිතියමක් එළි දැක්වීමට යනවා මේ තුළින් මෙම නොසන්සුන්කාරී අවස්ථාවේදී ඔවුන් කෙසේ ගමන් කළ යුතුද යන්න පිළිබඳව පැහැදිලි මඟ පෙන්වීමක් ලබා දීමට අපට හැකි වනු ඇත," කබ්රාල් බ්ලූම්බර්ග්ට පැවසීය .

ආර්ථිකය පැහැදිලි ලෙස ඉදිරියට යාම සඳහා එළඹෙන මාර්ග සිතියම තුළින් විවිධ පාර්ශවකරුවන්ට අවශ්‍ය මඟ පෙන්වීම සහ නායකත්වය ලබා දීමට ඔහු අපේක්ෂා කරයි.



"පළමු හා වැදගත්ම කොටස නම් ස්ථායිතාවයි. අපට අවශ්‍ය වන්නේ වෙළඳපොළට අපේ අපේක්ෂාවන් ලබා දීමට අවශ්‍ය පසුබිමක් සැකසීමයි. එමඟින් සියලු තත්ත්‍වයන් සමඟ කටයුතු කළ හැකියි. අපේ රටේ සංජානන පරතරයක් තිබෙනවා එය බෙහෙවින් කනස්සල්ලට කරුණක්. ස්ථායිතාව පිළිබඳ පණිවිඩය ඉතා වැදගත්. සෑම පාර්ශවකරුවෙකුම කුමක් කළ යුතුද යන්න පිළිබඳව දැනුවත් වී සිටින බවට අපි සහතික විය යුතුයි.
ස්ථාවරත්වය පැමිණෙන්නේ අපේක්‍ෂා කළමණාකරණයන් සහ මහබැංකුව විසින් ගනු ලබන යම් යම් පියවරයන් තුළින්  බවයි මා විශ්වාස කරන්නේ. ”ඔහු පැහැදිලි කළේය.
 මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය පිළිබඳ අර්බුදයක් පැනනැගී ඇති බැවින් ඊට විසඳුම කුමක්දැයි විමසූවිට මහ බැංකු අධිපතිවරයා ,
‘වසංගතයෙන් පසුව දක්නට ලැබෙන කනස්සල්ලට හේතු වී ඇති කාරණාවක් මේක. මුදල් සැපයුමේ සැලකිය යුතු වෙනසක් අප කළ යුතු වෙනවා. ආර්ථිකයට හානියක් නොවන පරිදි ක්‍රමයෙන් මුදල් මුද්‍රණය ආපසු ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මුදල් මුද්‍රණය කිරීම මේ වන විටත් විශාල ප්‍රමාණයෙන්  සිදු වී තිබෙන බව ඇත්ත. මගේ කර්තව්‍යය වනුයේ කිසිදු වේදනාවක් ඇති නොකර ආර්ථිකයට අනවශ්‍ය ආතතියක් ඇති නොකර එය මෘදු ලෙස ආපසු ගැනීමයි. එසේ කිරීමෙන් අනාගතයේදී උද්ධමනය අඩු වීම ගැන අපිට සතුටු විය හැකියි.. එසේම ඒ ගැන දැනුවත් බව වෙළෙඳපොළට ඉතා පැහැදිලි පණිවුඩයක් ලබා දීමට හැකියි. මේ බැවින් වර්තමාන තත්ත්වය හේතුවෙන් උද්ධමන අපේක්ෂාවන් කිසිඳු ආකාරයකින් උද්දීපනය වෙන්නේ නැහැ‘ පැවසීය.

උද්ධමනය සියයට 6 සීමාවට පැමිණියද, උද්ධමනය අතින් රට තවමත් "අනතුරුදායක කලාපයක" නොමැති බව කබ්රාල් මහතා බ්ලුම්බර්ග් වෙත සඳහන් කළේය.

මේ අතර, නුසුදුසු රාජ්‍ය වත්කම් බැහැර කිරීම තුළින් ඇමරිකානු ඩොලර් මිලියන 350-400 ක් සහ රජයෙන් රජයට (ජී 2 ජී) ණය ගෙවීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක් රජය අපේක්ෂා කරන බැවින් රටේ විදේශ විනිමය සංචිත මත පීඩනය අඩු වනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

බංග්ලාදේශ බැංකුව සමඟ හුවමාරු ගිවිසුමක් යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයිඑම්එෆ්) විශේෂ ඇඳීම් හිමිකම් වෙන් කිරීම සහ තවත් ඩොලර් මිලියන 150 ක් ලබා ගැනීමෙන් පසු රටේ විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 3.6 දක්වා වැඩි විය.

“ණය සහ විදේශ විනිමය තත්ත්වය අභියෝගාත්මකයි.

නමුත් මම හඳුන්වා දෙන නව පියවර සමඟ විශේෂයෙන් ණය නැති ගලා ඒම සහ අපි දැන් අනුගමනය කරන ජී 2 ජී මූල්‍ය හිස්වැසුම කෙරෙහි අවධානය යොමු කරන පියවර සමඟ අපිට එම අභියෝගයන්ට ද මුහුණ දිය හැකි යැයි විශ්වාස කරනවා, ”ඔහු පැවසීය.

තවද, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, කොළඹ කොටස් හුවමාරුව (සීඑස්ඊ) සහ දැනට ආරම්භ කෙරෙමින් පවතින ඖෂධ ආයෝජන කලාපය තුළ මෑත කාලීන දියුණුවත් සමඟ නව ආයෝඡන ගලා ඒමට කබ්රාල් අපේක්ෂා කරයි.

ඊට අමතරව, මහබැංකුවට චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක හුවමාරු පහසුකමක් ඇති බව ඔහු සිහිපත් කළේය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයිඑම්එෆ්) ආධාර ලබා ගැනීමේ පියවර ගැන ඔහු අදහස් දැක්වූයේ නැත, බොහෝ විට ආර්ථික විශේෂඥයින්ගේ පිටුබලය ලත් පියවරක් වශයෙන් රටේ විදේශ ණය ආපසු ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනකට අවතීර්ණ විය හැකිය.

මේ අතර, පාර්ශවකරුවන්ගේ අපේක්ෂාවන් හා ස්ථාවරභාවය අතර සමබරතාවයක් ඇති කර ගනිමින් වර්තමාන ප්‍රාග්ධනයෙන් ඉවත් වීම සහ ආනයන සීමා කිරීම් සඳහා මහ බැංකුව මගින් රට සඳහා කාලරාමු නිවේදනය කරන බව කබ්රාල් සඳහන් කළේය.

(බ්ලූම්බර්ග් ඇසුරිනි. - gossiplankanews.com )