ප්‍රකට බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර්ගේ මව වන අරුණා භාතියා මහත්මිය අද (08) දින ජීවිතයෙන් සමුගත්තාය. ඇය පසුගිය 03 වනදා සිට අසාධ්‍ය තත්වයෙන් මුම්බායි නුවර හිරානන්දනී රෝහලේ ප්‍රතිකාර ලද බවත් පසුව අද මියගිය බවත් වාර්තාවේ.
මවගේ අසනීප තත්වය දැනගන්නා විට ආක්ෂේ සිටියේ එංගලන්තයේ ලන්ඩන් නුවර ‘සින්ඩරෙල්ලා‘ නමැති ඔහුගේ නවතම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරමින් වන අතර ඔහු මව රෝහල් ගත කිරීම හා අදාළ සියලු කටයුතු පිටරට සිට සම්බන්ධීකරණය කළ බව වාර්තා විය. ආක්ෂේගේ මව මියගිය හේතුව කවර රෝග තත්වයක්දැයි හෙළි කර නැත.
ආක්ෂේ නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක සම නිෂ්පාදන කටයුතු වෙනුවෙන්ද අරුණා භාතියා මහත්මිය සම්බන්ධව සිටියාය.
ආක්ෂේ මවගේ අහිමිවීම ගැන මෙසේ ට්විටර් සටහනක් තබා තිබේ.
‘ඇය මගේ අරටුව විය. තවද අද මගේ දිවියේ දරා ගත නොහැකි වේදනාව මට දැනේ. මගේ මව වන අරුණා භාතියා අද උදෑසන සාමකාමීව මෙලොව හැර ගොස් වෙනත් ලොවක සිටි මගේ පියා සමඟ නැවත එක්විය. මම සහ මගේ පවුලේ අය මේ දුෂ්කර කාලය ගත කරන විට ඔබේ යාච්ඥාවලට ඇහුම්කන්දෙමි. මම ගරු කරමි. ඕම් ශාන්ති ‘
0 Comments