අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ අදහසකට අනුව යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයන් හා ගතකර පැමිණීමට අවස්ථාව ලබාදෙන බව
දන්වා තිබේ.
මෙලෙස නිවාඩුවක් ලබාදීම සඳහා බන්ධනාගාර පනතට අනුව යහපත් කල් ක්‍රියාවක් ඇති සිරකරුවන්ට අවස්ථාව සලසා දීමට අමාත්‍යවරයාට බලය හිමි බව දන්වා සිටියේය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග වැලිකඩ බන්ධනාගාරයේදී ඊයේ (23) පැවැතී සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
0 Comments