කොරෝනා වසංගතයට එරෙහි එන්නත්කරණය සම්බන්ධ පැතිරී ඇති මිත්‍යා මත කිහිපයක් මුල් කරගෙන එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කරන ප්රවණතාවයකට ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව නැඹුරුවී ඇති බවට ආසන්නතම උදාහරණය පුත්තලම ආණමඩුව ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඊයේ 23 වනදා ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ සිදු කළ එන්නත් කරණ වැඩසටහන සඳහා වයස 20-30 අතර 2000 කට ආසන්න පිරිසකට පැමිණෙන ලෙස දැනුම්දී තිබියදී දවස තිස්සේම ඉතා අල්ප සහභාගීත්වයක් පෙන්නුම් කළ බවත් පැමිණියේ 200 කට ආසන්න පිරිසක් පමණක් බවත් වාර්තා විය. මාධ්‍යස්ථානය පාළුවට ගොස් තිබූ අතර ඉඳහිට පැමිණෙන අයෙකු දෙන්නෙකු පමණක් එන්නත් ලබාගැනීමට උනන්දුවී තිබුණි.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය රවි අබේරත්න පැවසුවේ ‘අපි 35 කගේ විතර කාර්ය මණ්ඩලයක් සූදානමින් හිටියා. සයිනොෆාම් එන්නත් තොග ගෙනත් තිබුණා.ඒත් උදේ 8 ඉඳලා දවල් 1 වෙනකම්ම අවම සහභාගීත්වයක් තිබ්බෙ. අපේ කාර්ය මණ්ඩලයට කරන්න වැඩ තිබ්බෙත් නැති නිසා දවල් 1 වෙනකොට අවසන් කරල දැම්මා.2000 කට කියල තිබ්බට 200 ක් වත් ආවෙ නැහැ‘
ආණමඩුව මහජන පරීක්ෂක සමන් අබේරත්න කියා සිටියේ ‘මෙහෙම වෙන්න හේතුව තරුණ පිරිස අතර වැරදි මත ප්‍රචාරය වීම මේ එන්නත ගත්තාම විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා කියල සමාජ මාධ්‍ය වැරදි තොරතුරු හුවමාරු කරගෙන තියෙනවා.
ඒව ගැන කිසි පදනමක් නැතිව විශ්වාස කරනවා. කටින් කට ඒ ගැන කතාවෙලා අන්තිමේ එන්නත ගහන් නැතිව ඉන්න තීරණය කරලා. මේක යහපත් තත්වයක් නොවේ‘
0 Comments