අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කාණ්ඩ හතරක් යටතේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
●වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට (මින් පෙර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ)
●පිළිකා, වකුගඩු රෝගවලින් පෙළෙන සියලුදෙනාට
●ලෙඩ රෝග, ආබාධවලින් පෙළෙන වයස අවුරුදු 30ත් 60 ත් අතර අයට
●සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට
තුන්වන මාත්‍රාවක් ලබාදෙන්නට ඒ අනුව නිර්දේශ කර තිබේ. මේ සියලු අයට ලැබෙන්නේ ෆයිසර් එන්නත වන අතර ඇස්ට්‍රාසෙනිකා මුල්වතාවේ හමාර කළ අයටද තුන්වැන්න ලෙස ෆයිසර් ලැබෙනු ඇත.
0 Comments