පෙරේදා (22) මධ්‍යම රාත්‍රි 12ට පමණ බලපිටිය මූලික රෝහලට රැගෙනවිත් තිබූ 14 හැවිරිදි දැරියක තමන්ට අධික ලෙස උදරාබාධ තත්වයක් පවතින බවත් මළ පහවීමක් සිදුවන්නේ ැනති බවත් වෛද්‍යවරුන්ට පවසා තිබුණි.
අනතුරුව ඇයව පරීක්ෂණ කිහිපයක් සඳහා යොමු කරන්නට වෛද්‍යවරුන් උත්සාහ කළ අතරවාරයෙදී රෝහලට ඇතුළත් කර පැයක් පමණ ඇතුළත දිවි අහිමිව දෙනෙත් පියා ගත්තාය.
රෝග තත්වය හරිහැටි විනිශ්චය කරන්නටත් පෙරාතුව හොඳට කථාකරමින් සිටි දැරිය හදිසියේම මරණයට පත්වීම ගැන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද විමතියට පත්වූ අතර පසුව දැරියගේ ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කිරීමේදී එය ධනාත්මක බවත් ඇයට ඒ අවස්ථාවේ කොරෝනා ආසාදකය තිබූ බවත් හෙළිව තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන අම්බලන්ගොඩ, හල්වතුර, විලේගොඩ පදිංචි දාහතර හැවිරිදි කේ.එල්. සඳමිණි නෙත්සරණි යන ශිෂ්‍යාවය.
ඇය රෝහට ඇතුළත් වනවිට රෝග ලක්ෂණ ගනණාවක්කියා තිබූ අතර උදරය රිදෙන අතරම පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාව ඇති බවද ඇතැම් හෙදියන්ට පැවසූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.
අලුයම 12.05ට රෝහලට ඇතුළත් කළ ඇය අලුයම 1.05ට මියගිය බව බලපිටිය රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කරන ලදි.
මියගිය ශිෂ්‍යාව පිළිබඳ මරණ පරික්ෂණය බලපිටිය මූලික රෝහල් හදිසි මරණ පරික්ෂිකා කේ. වගාඅරච්චි මහත්මිය සිදු කළාය. කොරෝනා ආශ්රිත මරණයක් බවට එහිදි දන්වා ඇත.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පරගහතොට ආදාහනාගාරයේදී සිදුකර ඇත.
0 Comments