bandula-speaks


සුදුළූණු බහාලුම් දෙකක් වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරිමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු සඳහා 

දේශපාලන අධිකාරියේ බාධා ඇති බවට හා ධුරයෙන් ඉවත් වන ලෙස තමාට බලපෑම් සිදුකරන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ජයවර්ධන මහතා විසින් සිදු කළ ප්‍රකාශක් පදනම් කරගෙන‍ෙ



වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ. එම විමර්ශනයට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක්  බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන ඇතැයි අද වාර්තා විය.

මේ අතර ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වේලායුදම් ශ්‍රී ධරන් නමැති ව්‍යාපාරිකයෙකි. සුදුළූණු සිද්ධියක් සම්බන්ධයෙන් මීට ඉහතදී ද පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් ලංකා සතොස මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.