basil-speaks

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී මුදල් පනත් පිලිබද විවාදයේදී අද (7) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ලංකාව මේ වනවිට විශාල ආර්ථික අර්බුදයක ගිලී සිටින බව පෙන්වා දුන්නේය.  කොවිඩ් වසංගත තත්වය නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි එක් ලක්ෂ හැට දහසක පමණ ආදායමක් අහිමිවී ඇතැයිද මුදල් අමාත්‍යංශයට පමණක් ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සංචාරක අංශවලින් වෙනදා ලැබෙන ආදායම් ලැබෙන්නේ නැති බවද කීය.


වාහන ගෙන්වීම වසර එක හමාරක සිට නවතා දැමීම නිසා ශ්‍රී ලංකා රේගුවෙන් ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමිවී ඇති අතර රට වසා දැමීම නිසා කඩවල් වසා ආදායම් ඉපැයීමක් නැති නිසා වැට් ආදායමද
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නොලැබී එය සියයට 75කින් පමණ පහත බැස ඇතැයි ඔහු කීය.
මෙලෙස ආදායම් අඩුවෙද්දී වියදම අඩුවී නැතැයි කියන ඔහු සියයට අසූවක් පමණ එන්නත්කරණයට රජය වියදම් කළ බවත් ඖෂධ ආනයනයටද දැන් වියදම් කරන බවත් කීය.ඔක්සිජන් නිසා වෙනදා මෙන් දෙගුණයක් වියදම් වන බවද කීය.
පොලිය වැඩිවී තවත් ණය බර වැඩිවන නිසා තමා ණය පියවීමේ කටයුතු වලටද මුදල් වෙන් කළ බවත් ඉදිරි වසර වලදී ණයට ගැනීම් අඩු කිරීමට උවමනාවක් පවතින බවත් ඔහු පැහැදිලි කළේය.
ණයට ගැනීම් ගැන ප්‍රතිශත තමා දැන් කියන්නට නොයන්නේ එය දේශපාලන කතාවක් ලෙස වැරදියට පෙනීයාහැකි නිසා යයි කියා සිටි ඔහු සියලු රජයන් ගත් ණය ගැටලුව හැමදාම පැවති බව පැහැදිලි කළේය.


රටේ විදේශ සංචිතද පහත බැස ඇතැයිද පෙන්වා දුන් ඔහු හැකිතරම් දේශීය වශයෙන් දේවල් නිෂ්පාදනය කර රටින් විදේශ වලට යන මුදල් ඉතිරි කරන්නට උත්සාහ කරන බවත්  සේලයින් පසුගිය පළවෙනිදා සිට මෙරටදීම නිපදවන්නේ එනිසා බවත් පැහැදිලි කළේය.
ඔහුගේ කතාව ඇරඹුනේ කවියකිනි. එනම්
වනේ ගිජිඳාය දුටුවොත්               වනසාය
ළිඳේ පනිඳාය වැටුනොත් ඌ            කාය
අතකින් කරවැලය අතකින් දඬු          බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි     කෑය

මුදල් ඇමතිවරයා පැවසූ සම්පූර්ණ කතාවේ වීඩියෝව පහතින්