Derana-TV-YouTube-channel-was-not-hacked-but-hijacked-General-Manager-Digital-Division

විශාල පිරිසක් නරඹන මිලියන 3 කට වඩා සාමාජිකයින් සිටින දෙරණ ටීවී යූටියුබ් නාලිකාව පසුගිය සතියේ කිසියම් පිරිසක් විසින් හයිජැක් කරන ලද බව එම ආයතනයේ ඩිජිටල් අංශ සාමාන්‍යධිකාරි ජනිත් රුද්‍රිගු ප්‍රකාශ කළේය. චනුක්ස් බ්‍රෝ යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.



‘මේක අපිම කරගත්ත දෙයක් කියල වැරදි ප්‍රචාරයක් ගියා. ඇත්තටම එහෙම කරගන්න ඕනකමක් නැහැ. අපට වෙච්ච පාඩුව බලද්දි එහෙම ප්‍රවර්ධනයක් කරගන්න යාම අවාසියි අපට එහෙම උවමනාවක් නැහැ.


මේක හැක්වීමක් නෙමෙයි ඇත්තටම හයිජැක් වීමක් කියල තාක්ෂණිකව හඳුන්වන්න පුළුවන්.

අපගේ පිරිස වැඩිදෙනෙක් මේ දිනවල ගෙවල් වල සිට වැඩ කරනවා. ඒ නිසා අපි හැමෝම කාර්යාලයේ තියෙන මැෂින් එකකට ටීම් විවර් වගේ රිමෝට් ඇක්සස් එකකින් සම්බන්ධ වෙලා තමා සමහර වැඩ කරේ. නාලිකාව අත්පත් කරගන්නට ආපු අය කරල තියෙන්නේ ඒ මැෂින් එකට සම්බන්ධ රිමෝට් ඇක්සස් පාස්වර්ඩ් හොයාගෙන ඒකට ඇතුළුවීමක්. ඔවුන් නාලිකාවේ වීඩියෝ ඉවත් කරලා අනවශ්‍ය ලයිව් ස්ට්‍රීම් එකක්  අපගේ චැනල් එකේ ගෙනිච්චා.

කිසියම් පිරිසක් නාලිකාවට ඇතුළුවෙච්ච බව අපට ආරංචි වුණා. අපේ ඇක්සස් ඉවත් කරලා වෙරිෆිකේෂනුත් වෙනස් කරලා.අපි ටිකක් කලබල වුණා.
අපගේ සියලුම නාලිකා එම්සීඑන් එකක් හරහා තිබුණ නිසා අපට කෙලින්ම යූටියුබ් ආයතනයෙන් සහයෝගයක් ගන්න පුළුවන් වුණා. පැය 5 ක් විතර ඇතුළත අනවශ්‍ය අය ඉවත් කරල නාලිකාව බේරගන්න සියලු කටයුතු සිදු කරගත්තා. නමුත් වැරදි විඩියෝවක් ගෙනිච්ච නිසා යූටියුබ් නීති අනුව දින ගණනකට නාලිකාව ඩිඇක්ටිවේට් කරල තියෙන්නෙ. දින ගණන හරිගිහාම ඒක යළි ලැබෙනවා.



මං මේ ගැන යූටියුබ් භාවිත කරන අයට ලබාදෙන උපදෙස තමයි ටූස්ටෙප් වෙරිෆිකේෂන් දමාගන්න, නිතර පාස්වර්ඩ් මාරු කරන්න, යූඑස්බී කී එකක් හැකිනම් ගන්න, කිසිවිටක පයිරේට් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන්න එපා, රිමෝට් ඇක්සස් වලට අවශ්‍ය නම් ආරක්ෂිත වීපීඑන් එකක් පාවිච්චි කරන්න, කණ්ඩායමක් කරන චැනල් එකක් නම් බ්‍රෑන්ඩ් එකක් විදිහට හදාගෙන ඇඩ්මින් එක් කෙනෙක් තියාගන්න. බ්‍රව්සර්වල පාස්වර්ඩ් සේව් කරන්න එපා. ඒවගේම ලැප්ටොප් පාවිච්චි කරද්දි කැම් එකට සෙලෝටේප් එකක් දාල වහන්න. හැකර්ල මුලින්ම කැමරාව ට්‍රැක්කරන්න බලනවා‘