Do not download pahantudawa clip - a press release from the police

ආන්දෝලනයක් ඇති කර තිබෙන බලංගොඩ පහන් තුඩාව දියඇල්ල ආසන්නයේ රූගත කරනලද අසභ්‍ය වීඩියෝව ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා විශේෂ මාධ්‍ය නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඔහු එහිදී මෙසේ දන්වා ඇත.



‘බලංගොඩ ප්‍රදේශයේ පහන්තුඩාව දියඇල්ල අසළ වීඩියෝ ගත කරන ලද අසභ්‍ය වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණයවී ඇති අතර මේ  ගැන පොලිසියේ පරිගණක අපරාධ ඒකකය මගින් විමර්ශනයක් ආරම්භවී ඇත.
මෙහිදී අනාවරණය වූයේ පුද්ගලයින් පිරිසක් කාන්තාවක හා පුරුෂයෙකු උපයෝගී කොටගෙන මෙම අසභ්‍ය වීඩියෝව එම ප්‍රදේශයේදී වීඩියෝගත කර ඇති බවයි.
මෙම වීඩියෝ දර්ශනය අන්තර්ගත කළ වෙබ් අඩවි වෙත පොලිසිය මගින් එය ඉවත් කරන ලෙස දැනටමත් දන්වා ඇති අතර මෙම වීඩියෝව පුද්ගලයින් අතර බෙදාහැරීම ශ්‍රී ලංකා නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි.එබැවින් මෙවන් අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය, බෙදාහැරීම, ළඟ තබාගැනීම අපරාධමය වරදක් බවත් ඒවා නොකරන ලෙසත් අවධාරණය කරමි.‘
පෙර වාර්තා
පහන්තුඩාව වීඩියෝවේ කාන්තාව මහරගමදීත් පුරුෂයා ඇල්පිටියේදීත් අත්අඩංගුවට
පහන්තුඩාව වීඩියෝවට පෙනී සිටි රූපලාවන්‍ය ශිල්පිණිය හඳුනාගැනේ
ජනශූන්‍යවූ පහන්තුඩාව දිය ඇල්ල යුවළක අතින් දූෂණයට