ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණ සමරුව යෙදී තිබූ ඊයේ (26 වැනිදා) උදැසන චාම් අන්දමින් පැවැති ගුණ සැමරුම් අවස්ථාවට  එක්වෙමින්
 හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (26) මෙසේ  පැවසුවාය.



"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් බණ්ඩාරනායක ගුණ සමරුව පවත්වලා නැහැ. අද මේ කටයුත්ත කරන්නෙත් අපි පවුලේ සාමාජිකයනුයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක නම විකුණාගෙන කෑම විතරයි කර තිබෙන්නේ. හිටපු ජනාධිපතිවරයා පසුගිය  අවුරුදු පහේ ජනාධිපති ධුරයේ හිටියා. නමුත් ඔහු බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ එක වතාවයි.  ඔහු හැමතැනින්ම පන්නලා හින්දා අද එන්න ඉඩ තිබෙනවා යැයිද හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.  හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන සරත් ඒකනායක, පේශල ජයරත්න සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කරල්ලියද්ද, රුවන් රණතුංග යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.  මෙවර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වෙනදා මෙන් ගුණ සමරු උත්සවයක් නොපැවැත්විණි.

මේ අතර හිටපු ජනපති මෛත්‍රී ඇතුලු පිරිස වෙනම පැමිණ සමරුවට පුෂ්පෝහාර දක්වනු වාර්තා විය.