මැක්ඩොනල්ඩ්ස් අවන් හාල් ජාලයේ සිඟිත්තන් අතර ජනප්‍රිය ආහාර වේලක් වන ‘හැපි මීල්‘ මිලට ගන්නා විට  එන සෙල්ලම් බඩු ප්ලාස්ටික් වලින් නිපදවීම නතර කිරීම රටවල් කිහිපයක අරඹා  ඇති අතර වැඩි කල් නොගොස් සම්පූර්ණයෙන් නතර කරන බව සමාගම දන්වා තිබේ.
බොහෝ දුරට පොසිල ඉන්ධන මත පදනම් වූ දිරායනසුළු බඩ ඉරිඟු සහ වෙනත් ද්‍රව්‍ය වලින් සෙල්ලම් බඩු නිපදවන්නට තීරණය කළ බව ක්‍ෂණික ආහාර ජාලා සමාගම පවසා තිබේ.
 සමහර ජාත්‍යන්තර වෙලඳපොලවල මෙකී මාරුව මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එය 2025 වන විට ගෝලීය වශයෙන් සම්පූර්ණ කර නිම කිරීමට අපේක්‍ෂා කෙරේ.


"අපේ සෙල්ලම් බඩු පුනර්ජනනීය, ප්‍රතිචක්‍රීකරණය කළ හෝ සහතික කළ ද්‍රව්‍ය වලින් සෑදීමෙන්, මෙම වෙනසෙහි ප්‍රතිලාභ 650,000 කට වැඩි පිරිසක් වසරක් සඳහා කිසිදු ප්ලාස්ටික් භාවිතා නොකිරීමට සමාන වනු ඇත එය විශාල ඉතිරියක් වනු ඇත‘ සමාගම පවසයි.
මේ වසර මුලදී ප්‍රංශයේ සහ අයර්ලන්තයේ සිය අවන්හල්වල තිබූ ප්ලාස්ටික් සෙල්ලම් බඩු සියල්ල ඉවත් කර ඇති අතර කඩදාසි වලින් සකස් කරන ලද ත්‍රිමාණ නිර්මාණ ඒ වෙනුවට ආදේශ කරන ලදි.
මැක්ඩොනල්ඩ්ස් වසර 40 කටත් වැඩි කාලයක් තිස්සේ දරුවන්ට මේ ආකර තෑගි පිරිනමමින් ආහාර වේල් පිරිනමන අතර - ඒ බොහෝ විශේෂ බෑග් සහ පෙට්ටි වල ප්ලාස්ටික් ට්‍රින්කට් හෝ ක්‍රියාකාරී රූප ඇතුළත් වේ.
මේවනවිට ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් 100 ක මැක්ඩොනල්ඩ්ස් අවන් හල් ශාඛා 39198 ක් පිහිටුවා ඇති අතර ඒවායේ විශේෂත්වය වන්නේ කවර රටකදී ආහාරයට ගත්තත් බොහෝ විට එකම වට්ටෝරුවකින් ඔවුනගේ ආහාර ඉදිරිපත් කිරීමය.
 (එන්පීආර් නිවුස් ඇසුරිනි Gossiplankanews.com)