ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන තුරු අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
 




අද දින මාධ්‍ය හමුවකට මේ බව පවසමින් ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කිනම් පදනමකින් ද අයවැය මත විශ්වාසය තබා ගුරු වෘත්තීකයන්ට වැඩට ආරධනා කරන්නේද යනුවෙන් ද ප්‍රශ්න කර සිටියේය.

පාසල් ආරම්භ කිරීමට හෝ විභාග පැවැත්වීම හෝ නිකුත් කළ අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ලකුණු ලබා දීමට මත්තෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට පිළිතුරු ලබා දෙන ලෙස ඔහු වැඩිදුරටත් එහි දී අවධාරණය  කරසිටියේය.

මේ අතර සිය ගැටළු වලට විසඳුමක් ලබා දෙන තුරු ඔන්ලයින් උගැන්මෙන් පමණක් නොව පාසල් ආරම්භයෙන් පසුවද අඛණ්ඩව වෘත්ති ක්‍රියාමාර්ගයේ යෙදෙන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සංවිධානය කියයි.

මේ අතර පාසල් නැවත ආරම්භ කිරීමට පෙර සිය ඉල්ලීම් සදහා සාධාරණ සහ ස්ථිර විසදුම් ලබාදිය යුතු බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද අද දින සමාජ මාද්‍ය ඔස්සේ අවධාරණය කර සිටියේය.