වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉදිරියේදී ලිහිල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ අවධානය යොමුව තිබෙන වට කරුණු ඊයේ දිනය තුළ වාර්තා විය.
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ ප්‍රකාශයක් මීට පදනම් විය.
කබ්රාල් මහතා පවසන්නේ රටට විදේශ විනිමය ගලාඒම සිදුවන ආකාරය මත ආනයනය සඳහා පනවා ඇති තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් සලකාබැලිය හැකි බවයි.
මේ වනවිට ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති බොහෝ සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බව එහිදී මහ බැංකු අධිපතිවරයා පැවැසු අතර විශේසයෙන් ලංකාවේ වාහන අලෙවි වන්නේ වාහනයක නියම මිල මෙන් තුන් හතර ගුණයකින් රජයට බදු ගෙවනීමෙන් පසුව වන බැවින් ඒ ඔස්සේ රජයට විශාල මුදලක් රැස්කරගතහැකි බවට නැවත ඒත්තු ගොස් තිබේ.
0 Comments