එංගලන්තයේ ලන්ඩන් නුවරදී පසුගිය සති අන්තයේ අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ 28 හැවිරිදි ගුරුවරියක ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඇගේ ඝාතන පුවත අසා කම්පාවට පත්වූ බව කේට් කුමරියද පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
සබීනා නෙසා නමැති ලන්ඩනයේ ප්‍රාථමික පාසලක ඉගැන්වූ මෙකී ගුරුවරිය මිතුරියක හමුවීම සඳහා ඇගේ නිවසේ සිට මිනිත්තු 5 න් ගමන් කළ හැකිදුරක ගිනිකොණදිග ලන්ඩනයේ සමාජ ශාලාවකට 17 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවසින් පිටව තිබුණ නමුත් ඇය සමාජ ශාලාවට ගොස් තිබුනේ හෝ යළි නිවසට පැමිණ තිබුනේ හෝ නැති බව නිවැසියන් දන්වා තිබුණි. පසුව ඇයව සොයාගැනීමට ඔවුන් වෙහෙසුණ අතර ඇගේ සිරුර හමුවූයේ 18 සිකුරාදා සවස වන්ස්පේස් ගොඩනැගිල්ල අසලදී සුනඛයෙකුගේ ඉව ඔස්සේ කොළ ගොඩක් යට සඟවා තිබියදීය. ඇයට පහරදීමක් සිදු කර ඇති බවට සලකුණු එහි විය.පොලිසිය පැවසුවේ ඇය පයින් ගමන් කළ මාර්ගය උද්‍යානයක් හරහා දිවෙන බවත් එහිදී මෙම ඝාතනය සිදුවන්නට ඇති බවය.
ඝාතනය සම්බන්ධ පොලිස් පරීක්ෂණ අනුව සිද්ධියවූ දිනයේ ආශ්‍රිතව ගැවසුණ 38 හැවිරිදි අයෙකු හා 40 හැවිරිදි අයෙකු සැකසහිත හැසිරීම් නිසා අත්අඩංගුවට පත්වූ නමුත් ඔවුන්ගෙන් කට උත්තර ලබාගැනීමේදී මෙම ඝාතනය හා සම්බන්ධයක් ගළපාගත නොහැකි වූයෙන් ඔවුන් දෙන්නාවම නිදහස් කර යැවීමට පොලිසියට සිදුවිය.
අනතුරුව තවත් සැක සහිත අයෙකු සිටින බවටත් එම තැනැත්තා හඳුනාගැනීමට සහය වන ලෙසත් සීසීටීවී විඩියෝවක් ඔස්සේ පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුණි.
අඩක් තට්ට හිසක් සහිත කළු පැහැති කබායක් සහ අළු පැහැති ජීන්ස් ඇඳගෙන තැඹිලි පැහැති වස්තුවක් අතැතිව සිටි පුද්ගලයෙකු උරහිසට ඉහළින් බලා ඔහුගේ හිස් වැස්ම ඇද ගන්නා අයුරු තත්පර 12 ක වීඩියෝ පටයක් ඒ අනුව පොලිසිය නිකුත් කරන ලදි. එම තැනැත්තා ගමන් කළ බවට සැක අළු පැහැ මෝටර් රථයක රූපයක්ද අපැහැදිලි ලෙස හඳුනාගෙන තිබුණි.
මෙම සීසීටීවී වාර්තා ප්‍රසිද්ධ කිරීමෙන් පසු ලැබුණ ඔත්තු අනුව 26 ඉරිදා උදෑසන එකී වීඩියෝවේ සිටින පුද්ගලයා නැගෙනහිර සසෙක්ස් ප්‍රාන්තයෙන් අල්ලාගත් බව පොලිසිය දන්වා තිබේ.
ඔහු 38 හැවිරිදි අයෙකු බවත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇති බවත් පොලිසිය දන්වා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කේට් කුමරිය ට්ව්ට් කළේ මෙසේය.
I am saddened by the loss of another innocent young woman on our streets. My thoughts are with Sabina’s family and friends, and all those who have been affected by this tragic event. C
මේ අතර මියගිය 28 හැවිරිදි ගුරුවරිය සබීනා නෙසා වෙනුවෙන් දසතින් ශෝක පණිවිඩ හා යාඥාවන් සිදුවෙද්දී ඇයට උපහාර දක්වන අය වෙනුවෙන් පොතක් පිහිටවූ බව කිඩ්බ්ර්ක් හි වන්ස්පේස් ප්‍රජා මධ්‍යස්ථානය දන්වා තිබේ.
(ඒපී පුවත් ඇසුරිනි -Gossiplankanews.com)
ඇයව ඝාතනය කළ බවට සැකකරන පුද්ගලයා පෙන්නුම් කරන එංගලන්ත පොලිසිය නිකුත් කළ සීසීටීවී වීඩියෝව පහතින්
0 Comments