Hospitals-in-Bangladesh-are-overflowing-with-dengue-patients

කොරෝනා උවදුරින් බැටකමින් සිටින බංග්ලාදේශය ඊට අමතරව ඩෙංගු රෝගය සක්‍රීය වීම නිසා දැඩි දුස්කරතාවයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


රටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ පසුගිය පැය 24 තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 330 ක් පමණ වාර්තා වූ බවයි.
බංග්ලාදේශය මේ වසරේ ගතවූ මාස 8 ක කාලයේ ඩෙංගු රෝගීන් 11,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර අවම වශයෙන් ඒ ආශ්‍රිත මරණ 48 ක් වාර්තා වී ඇත.
කොරෝනා වයිරස් වසංගතය කෙරෙහි අවධානය යොමු වී තිබියදීත් වෙනත් වෛරස් රෝග බෝ වන ආකාරය ගැන පර්යේෂණ අරඹන්නට සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා ඇත.

රජයේ දත්ත වලට අනුව ඩකා අගනුවර පමණක් මිලියන 10,053 ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම නගරයේ මිලියන 20 කට ආසන්න ජනගහනයක් සිටිති..

නමුත් කීට විද්‍යාඥ කබිරුල් බෂාර් පැවසුවේ පෞද්ගලික සෞඛ්‍ය පහසුකම් වල ප්‍රතිකාර ලබන අය නිල සංඛ්‍යාවට එකතු නොවන හෙයින් රජයේ සංඛ්‍යාවට වඩා සැබෑ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වැඩි බවයි.

මෝසම් කාලයේදී එකතැන පල්වෙන ජලයේ බෝ වන මදුරුවන් නිසා මෙම තත්වය හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් රජයේ අවදානය දුර්වල බවට විවේචනද පවතී.
2019 බංග්ලාදේශයේ ඩෙංගු රෝගය නිසා පුද්ගලයින් 80,000 කට වැඩි සංඛ්‍යාවක් ආසාදනය වූ අතර මරණ 67 ක් වාර්තා විය.
( gossiplankanews.com )


Hospitals-in-Bangladesh-are-overflowing-with-dengue-patients