කොලොම්බියාවේ බොගොටා ගුවන් තොටුපලේ සිට හොංකොං වෙත නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මෝර වරල් 3,493 ක තොගයක් බලධාරීන් විසින් රාජසන්තක කළ බව සීඑන්එන් වාර්තා කරයි.





කොලොම්බියානු බලධාරීන් සිකුරාදා පැවසුවේ  ගුවන් තොටුපලේ සිට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට නියමිතව තිබූ මෝර වරල් 3,493 ක තොගය අගනුවර පරිසර අධිකාරීන්ගේ සහභාගීත්වයෙන් වැටළීමක් කළ බවයි. ඔවුන් පැවසුවේ දිග මීටර් 1 ත් 5 ත් (අඩි 3 සිට 16 දක්වා) අතර මෝරුන් 900 ත් 1000 ත් අතර ප්‍රමාණයක් මෙවැනි වරල් ප්‍රමාණයක් ලබාගැනීමට මරා දැමිය යුතු බවයි.
මෙය නීතියට පටහැනි අතර පරිසරයටද තර්ජනයකි. කෙසේ වෙතත් සමහර රටවල මෝර වරල් සෞඛ්‍ය ප්‍රතිලාභ සහිත ඒවා ලෙස අලෙවි කෙරේ.
ධීවර කර්මාන්තයේ නිෂ්පාදන ඇසුරුම් කර ඇති ආකාරයට කොලොම්බියාවේ නිරිත දෙසින් පිහිටි රෝල්ඩනිලෝ මහ නගර සභාවෙහි නමට ඇසුරුම් 10 ක ඇසුරුම් කර නීති විරෝධී  ලෙස මේවා අපනයනයට සූදානම් කර තිබී ඇත.

(සීඑන්එන් ඇසුරිනි - Gossiplankanews.com)