ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස තුන්වන සතියේ ඇමරිකාව බලා පිටත් වීමට නියමිතව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර සැසිවාරය ඇමතීම සඳහා ඒ මහතා එම නිල සංචාරයේ යෙදීමට නියමිතය.
සමුළුව සැප්තැම්බර් මස 21 සිට 23 දක්වා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.
ජනාධිපතිවරයා සමඟ මේ සමුළුව සඳහා තවත් සීමිත පිරිසක් සහභාගි වීමට නියමිතව ඇත.
ඇමරිකාව බලා යන ගමනේදී ජනපතිවරයා සිය අලුත්ම මිණිබිරිය දැක බලාගැනීමට එරට පිහිටි පුතුගේ නිවසට යනු ඇති බවටද වාර්තා පළව ඇත.
මේ අතර ඉතාලියේ බොලබ්නා විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙන සමුළුවකට සහභාගි වීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ලබන 11-12 සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව යන්නටද නියමිතය. යුරෝපයේ ඉහළම මට්ටමේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් වන එහි පළමු සැසිවාරය ආමන්ත්‍රණය කිරීමටද අගමැතිවරයාට ඇරයුම් ලැබී ඇත.
0 Comments