කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුවෙමින් පවතින නව ප්‍රභේදවලින් ආරක්ෂාවීම සදහා සිවුවැනි එන්නත් මාත්‍රාවක අවශ්‍යතාවක්ද මතුව තිබෙන බව ඊශ්‍රායලයේ විදඥයෙකු වන සල්මාන් සාර්කා පවසයි. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකක් හෝ තෙවැනි බූස්ටර් මාත්‍රාවක් ලබාදීම හෝ එන්නත්කරණයේ අවසානය නොවන බවත් ඔහු සදහන්කර සිටියි.
විශේෂයෙන්ම අද වනවිට හඳුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රභේදය වේගවත් සම්ප්‍රේෂණයක් සහිත, වැඩි ආසාදිතයන් පිරිසක් හදුනාගන්නා සහ රෝහල්ගතවීමේ වැඩි ප්‍රමාණයක් වාර්තා වන අවස්ථාවක් බවත්,
ඒ හරහා සිදුවන මරණ සංඛ්‍යාවද වැඩි බවත් ඔහු පවසයි. එසේම ඉදිරියේදී තවත් මෙවැනිම ප්‍රභේද ඇතිවීමේ අවදානමක්ද පවතින බවත් ඔහු සදහන් කර සිටියි. "මම හිතන්නේ අපි මේ වෛරසයට එරෙහිව සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් වී සිටිය යුතුයි. දැන් ඉදන් අපේ ජීවිතය රදා පවතින්නේ මේ මාත්‍රාවේ වෙන්න පුළුවන්.”
යනුවෙන්ද ඔහු පවසා ඇත.ඊශ්‍රායලය මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයේද උපදෙස් නොතකමින් එරට වයස අවුරුදු 12ට වැඩි දරුවන් ඇතුළු ජනතාව වෙත තෙවැනි. බූස්ටර් එන්නත් මාත්‍රාවක්ද ලබාදීමට කටයුතු යොදා ඇත. ලොව අනෙකුත් රටවල්ද මූලික එන්නත් මාත්‍රා දෙකක් ලබාගන්නා තුරු ඊශ්‍රායලයට එම එන්නත් ආරක්ෂා කරගන්නා ලෙස හෝ එන්නත් නොමැති රටකට එය ලබාදෙන ලෙස හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ඉල්ලා තිබුණි.
0 Comments