japan-female-prime-minister

ජපාන ඉතිහාසය තුළ ප්‍රථම වරට කාන්තා අගමැතිනියක් පත්වීමේ අවස්ථාවක් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ජපානයේ හිටපු ස්වදේශ කටයුතු අමාත්‍යවරියක වන සනාඒ ටකායිචි එරට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (LDP) නායකත්වය වෙනුවෙන් තරග කිරීමට ඉදිරිපත් වීමට තීරණය වීමත් සමග මේ පිළිබඳ අදහස මතුව තිබේ.ඊයේ දිනයේදී ඇය මෙම ඉදිරිපත්වීමට අදාළ ප්‍රකාශය සිදුකිරීමට නියමිතව තිබුණි.   

යම් හෙයකින් පක්ෂයේ වැඩි කැමැත්ත අනුව ඇය එහි නායකයා බවට පත් වුවහොත් මීළග ජපාන අගමැතිනිය බවට පත්වීමේ අවස්ථාවක් ඇයට උදාවෙයි.


ජපාන මාධ්‍ය සඳහන් කරන ආකාරයට එරට හිටපු අගමැතිවරයෙකු වන ෂින්සෝ අබේන්ගේද වැඩි කැමැත්තට ටකායිචි වෙත හිමිව තිබේ. 60 හැවිරිදි ඇය අබේන්ගේ දෙවැනි ධුර කාලයේදී ස්වදේශීය කටයුතු පිළිබඳ ප්‍රථම කාන්තා ඇමතිවරිය ලෙසද පත් වූවාය. හිටපු අගමැති ෂින්සෝ අබේ සිය දුර්වල සෞඛ්‍ය තත්වය හේතුවෙන් අගමැති ධුරයෙන් සහ පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමෙන් අනතුරුව එහි නායකත්වයට සහ නව අගමැතිවරයා ලෙස පත්වූ යොෂිඩේ සුගා පසුගියදා සිය ධුරවලින් ඉල්ලා අස්වමත් සමග එරට අගමැති ධුරය හිස් විය. LDP පක්ෂයේ මීළග. නායකත්වය තෝරන ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 29දා පැවැත්වීමට නියමිතව ඇත. දැනටමත් මේ සඳහා නම් කිහිපයක්ම ඉදිරිපත්ව තිබේ.