තම බිරියට කොරෝනා වැළඳී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇයව නිදියහනේදී ගෙළ සිරකර මරා පසුව ඇයට අයත් දේපළ ලබාගෙන වෙනත් අනියම් ජීවිතයකට යොමුවන්නට උත්සාහ දැරූ සැමියෙකු පිළිබඳ මීට දින කිහිපයකට පෙර බොරලැස්ගමුව  එගොඩවත්ත පාර ප්‍රදේශයෙන් වාර්තා විය.  සැමියා කලබලයෙන් හැසිරීම හා පැල්ලමක් වසන්නට දරන තැත ගැන බිරියගේ සොයුරාට ඇතිවූ සැකය අනුව මෙය ඝාතනයක් බව හඳුනා නොගන්නට මෙය තවත් එක් කොරෝනා මරණයක් ලෙස වැළලී යන්නට ඉඩ තිබිණි.


මෙම සිද්ධියට අදාළ සැකකාර සැමියා බිරිය මියයන්නටත් පෙර මල් ශාලාවකට මුදල් ගෙවා අවසන් කටයුතු සූදානම් කර තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි විය. මෝටර් වාහන අමතර කොටස් අලෙවි කරුවෙකු බව කියන මෙකී සැමියා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු බිරිය මරන්නට උපයෝගී කරගත් ඇඳ ඇතිරිලි හා කොට්ට නිවසේදී පුළුස්සන්නට උත්සාහ දරා තිබියදී පොලිසිය සොයා ගන්නා ලදි.
එම ස්ථානීය සාක්ෂි ලබාගන්නට පොලිසිය නිවසට ගිය අවස්ථාවේ මෙම යුවළගේ 6 හැවිරිදි සිඟිති දියණිය හා 13 හැවිරිදි පුතු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සාක්ෂි සපයා තිබුනේ මෙසේය.

දුව - ‘එදා අපි ෆිල්ම් බලන්න ගියා. ෆිල්ම් බලන්න ඉස්සෙල්ලා මං අම්මිත් එක්ක කාමරේදී කථා කරා..එතකොට එයා කථා කරා..ඊට පස්සෙ තාත්ති දෙපාරක් ආවා.. බාත්රූම් යන්නයි.. වතුර උණුකරන්නයි..ඊට පස්සෙ එයාගෙ ඔලුවෙ මෙන්න මෙතන පැල්ලමක් තිබ්බා. එයාගෙ මෙතන ටිකක් හීරිලත් තිබ්බා.‘

පුතා ‘ඊට පස්සෙ අම්මගෙන් තේබොන්නත් අහන්න හැදුවා.. අම්මා නැගිට්ටෙ නැහැ.‘

පොලිසිය - ‘අම්මගෙ කොට්ටෙ කෝ?‘

දුව ‘එයා නිදාගෙන හිටපු කොට්ටෙ කාමරේ..‘

පොලිසිය- -‘එතකොට කොට්ට උරේ?‘

දුව -‘ආ ඒ කොට්ට උරේ මං දැක්කා තාත්ති කුස්සිය පැත්තට අරන් යනවා‘

පොලිසිය -‘ඒකෙ මොනව හරි තිබ්බද?‘

දුව -‘ඔව් ලේ තිබ්බා... ගොඩාක්ම තිබ්බෙ නෑ.. චුට්ටයි තිබ්බෙ..'

පොලිසිය - ‘පුතා ඔයා දැක්කෙ නැද්ද ඒක?‘

පුතා-‘මං දැක්කෙ නිකං ඇඳේ ලේපාරක් තියනව කියලා..‘

දුව -‘ඔව් මමත් දැක්කා...‘


සිද්ධිය සම්බන්ධ පෙර විස්තරය
අනියම් ජීවිතය සොයා යන්න කොරෝණා වැළඳුණ බිරිය නිදියහනේ ඝාතනය කළ සැමියා

ස්වර්ණවාහිනී වීඩියෝ වාර්තා කොටස පහතින්