මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එමීඩ් අරිෆුල් ඉස්ලාම් මහතා අතර හමුවක් ඊයේ මහ බැංකු පරිශ්රයේදී පැවැත්විණි.
පසුගියදා ශ්රී ලංකා බංග්ලාදේශයෙන් ණයක් අයදුම් කර තිබීම ගැන වාර්තා පළවූ අතර ඒ ගැන කතා කළ බව මාධය නිවේදනයේ සඳහන්ව නැත කෙසේ වෙතත් මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්දේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ බංග්ලාදේශ මහකොමසාරිස්වරයා අතර සාකච්ඡා කෙරුණු බව මහ බැංකුව පවසයි.
කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඔහු හමුවීම සඳහා පැමිණි පළමු විදෙස් රාජතාන්ත්රික නිලධාරියා වූයේද මොහුය.
0 Comments