update 1 pm
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 3 ක පමණ කාලයක් කට උත්තර දීමට ගත කර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඉන් පිටව ගියේය. එම අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ
‘පාස්කු කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පුද්ගලයකු ලෙස එම සාක්ෂි එළියට පැමිණීම ගැන දැන් ආණ්ඩුව බයවෙලා. ආණ්ඩුවට කට උත්තර නැති වී දැන් දේශපාලන දඩයම් කිරීම අරඹලා‘ යනුවෙනි.
update 11 am
යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘‘යකඩ මිනිසා’’ නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එවකට එම අමාත්‍යාංශය භාරව සිටි ඇමැතිවරයා වන පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24 වැනිදා) කැඳවනු ලැබ ඇත.
ඒ අනුව ඔහු අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගියේය.
මෙම ව්‍යාපෘතියේදී එක් පුද්ගලයෙකුගේ කීර්තිනාමය ඉහළ නංවන්න කටයුතු කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් චෝදනා කරමින් පැමිණිල්ලක් සිදු කර ඇත.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් ව්‍යාපෘතියට අදාළව රජයේ නිලධාරීන් 35 දෙනකුගෙන් දැනට ප්‍රකාශ ලබාගෙන ඇතැයිද ව්‍යාපෘතිය සඳහා එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ගෙවීමට ඇති රුපියල් මිලියන 75ක වව්චරයක් ගෙවීමට ඉල්ලා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට කළ ඉල්ලීමකින් පසු මේ සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුවූ බවද හෙළිවිය. අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ 2020 නොවැම්බර් 23 වැනිදාය.
මෙම විමර්ශනවල අවසන් ප්‍රකාශය හිටපු ඇමැති චම්පික රණවකගෙන් ලබාගත් පසු නීතිපති උපදෙස් සඳහා යොමුකරන බව පොලිස් ආරංචි දන්වා ඇත.
0 Comments