More than a billion doses of COVID-19 vaccine are in excess in the world's richest countries

ලොව පොහොසත් රටවල් තුළ මේ වසර අවසන් වනවිට COVID-19 එන්නත් මාත්‍රා බිලියනයකට අධික අතිරික්තයක් පැවතිය හැකි බවට අලුත්ම විශ්ලේෂණයක් හරහා අනාවරණය කර තිබේ.  මෙම රටවල් තමන් සතු එන්නත් මාත්‍රා දුප්පත් රටවලට ලබාදීමට කටයුතු නොකිරීමත් සමග මෙම එන්නත් ප්‍රමාණය හිමි කරගනු ඇතැයි මෙම විශ්ලේෂණය සිදුකළ Airfinity නම් ආයතනය පවසයි. මෙම විශ්ලේෂණයට අනුව‍ සැප්තැම්බර් මාසය අවසන් වනවිට ලොව පොහොසත් බටහිර රටවල් සතු එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 500ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.



එම රටවල් විසින් ප්‍රදානය නොකරන එන්නත් මාත්‍රා මිලියන 360ත් සමග මෙම ගණන් බැලීම සිදුකර ඇතැයි ඔවුන් පවසයි. ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපා සංගමය, කැනඩාව සහ ස්ථානය යන පොහොසත් රටවල පවතින එන්නත් මාත්‍රා සැපයුම් පිළිබඳව අවධානය යොමුකරමින් මෙම වාර්තාව සකස් කර තිබේ. එය අද දිනයේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව මෙම වසර අවසන් වනවිට එවැනි පොහොසත් රටවල් සතු එන්නත් මාත්‍රා අතිරික්තය බිලියන 1.2ක් ඉක්මවීමේ හැකියාවක් පවතින බවත් එහි සදහන් වෙයි. ඒ අතරින් බිලියන 1.0 ක ප්‍රමාණයක් දුප්පත් රටවලට ප්‍රදාන ලෙස ලබාදීමට පැවැති ඒවා බවත් එම විශේෂණ ආයතනය පවසයි. අද වනවිට මෙම පොහොසත් රටවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ලොව පුරා උද්ගතව පවතින එන්නත් විෂමතාව පිළිබදව විවිධ පාර්ශ්වයන් කරුණු දක්වා තිබේ. ඒ අතරින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවශ්‍ය එන්නත් ලබාදීම සදහා වන COVAX වැඩසටහන වෙත සිය එන්නත් ප්‍රදාන සිදුකරන ලෙස මෙම පොහොසත් රටවල්වලින් දැනටමත් ඉල්ලීම් කර තිබේ.

මෙම COVAX වැඩසටහන හරහා ලොව රටවල් 190ක වෙසෙන ජනතාවට එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාදීම සැලසුම වී ඇත. ඒ අතර අඩු ආදායම් ලාභී. රටවල් 92ක්ද වෙයි. මෙම රටවල ජනතාවගෙන් 20%ක් වෙත හෝ එන්නත්කරණය සාර්ථක කරගැනීමට සිය අපේක්ෂව බවද  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.