කොළඹ රිඡ්වේ ආර්යා රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය දීපිකා සෝමතිලක වෛද්‍ය තුමිය සමග පැවැත්වූ සාකච්ඡාවකදී පළවූ අදහස් පහත පරිදිය.

වෛද්‍යතුමියනි අපි හැමදාම වගේ කතා කරන කාරණාවක් හැබැයි ටිකක් වෙනස් විදිහට කතා කරන්න ඕනේ කියල හිතුනා....මේ දිනවල ඇස් සම්බන්ධයෙන් තියෙන ගැටලුකාරී තත්ත්ව බොහෝ වැඩියි ....ඒ නිසාම කතා කරමු මේ ඩිජිටල් තිරයක් ඉදිරියේ දවස් 365ම ගතකරන මේ පුංචි පොඩ්ඩන්ගේ ඇස් ඇයි මෙතරම් විශේෂයෙන් අපි බලා බලාගත යුත්තේ....?
                                                               "විශේෂයෙන් ම මේ දවස් වල  තියෙන ලොකු ගැටලුවක් නමුත් ඉස්සර මේ කොරෝනා තත්ත්වය එන්න කලින් අපි Digital තිරය නෙමෙයි ටීවී එක වුණත් ළමයින්ට  තහනම් කරපු කාලයක් තිබුනා....නමුත් දැන් කරන්න දෙයක් නැහැ ළමයිට ඉස්කෝලේ නෑ ඒගොල්ලො දැන් ගෙදර ඉගෙන ගන්න දේවල් කරන්න වෙන්නේ ලැප්ටොප් එකක් එක්ක tab එකක් එක්ක තමයි...ඇත්තටම ගැටලු සහගත තැන් ගොඩක් තියෙනවා ඒ කියන්නේ මම වෛද්‍යවරයෙක් විදියට අපේ රෝහලට ළමයින්ගෙන් පේනවා  වෙනදා වගේ නෙමෙයි ගොඩක්ම ගැටලුකාරී තත්ත්ව තියෙනවා....මූලික වශයෙන් කිව්වොත් සරල වන රෝග ලක්ෂණ විදියට මම කියන්නං සමහර ළමයි එනවා එක පාරටම දුර පේන්නේ නැහැ  කිසිම හේතුවක් නැතුව තද ඔලුවෙ කැක්කුම,දෙයක් දිහා බලන කොට ඒක  දෙකක් වෙලා පේනවා , ඇස් දැවිල්ල ඇස්වලින්  කලින් කඳුළු ගැලීම විවිධ විවිධ ආබාධ ඔය සමහරක් තමයි මම කිව්වේ...ඒ වගේ රෝග ලක්ෂණත් එක්ක එනකොට අපි හොයලා බැලුවා ඇයි මේ විදිහට ඉස්සරට වඩා වැඩි ප්‍රමාණයක් එනවා ළමයි  ඒක අපි දිගින් දිගටම චුට්ටක් හොයලා බැලුවහම අපිට තේරුණා ළමයි ඒගොල්ලන්ගෙ ජීවිතෙන් වැඩි කාලයක් මේ දවස් වල ඩිජිටල් තිරයක් ඉස්සරහ තමයි ඒගොල්ලො ඉන්නේ ඒක නොකරම බැරි දෙයක්....ඉතිං ඒකෙන් එන අතුරු ආබාධ තමයි ...වලක්ව ගන්න ක්‍රම තියෙනවා අපි ඉස්සරහට කතා කරලා බලමු ප්‍රධාන වශයෙන්  ඒ වගේ රෝග ලක්ෂණ තියෙන පොඩ්ඩක් ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නවා නම් අපි බලමු මොකද කරන්න පුළුවන් කියලා ...."


වෛද්‍යතුමිය සඳහන් කලා වගේම අපේ පුංචි දරුවන්ට අපේ ගෙදර තියන රූපවාහිනී යන්ත්‍රය ඉදිරියේදීවත් ඉඳගන්න දුන්නේ නැහැ...එහෙම ඈත් කරල ඈත් කරලා අන්තිමට අපිට සිද්ධ වුණා නැවත වතාවක් දරුවන්ට mobile phone එක අතට දෙන්න ඒ පාසල් වැඩකටයුතු මග අරින්නේ නැතුව හරියට නිසි පිළිවෙලට ඒ දේවල් කරන්න.....මේ කාල වකවානු වත් එක්ක විවිධ රෝග ලක්ෂණ ගැන අපේ වෛද්‍යතුමිය සඳහන් කළා....බොහෝ වෙලාවට ඔබ හිතනවා වෙන්න පුළුවන් අපේ පුංචි පොඩ්ඩක් කිව්වා නේද අම්මේ ඔලුව කැක්කුම හැදෙනවා ඇස් දෙක කසනවා වගේ දේවල්...දැන් ඔබට ඒ දේවල් මතක් කරගෙන මේ රෝග ලක්ෂණ වල විශේෂත්වය එක්ක ඇස් වල තියෙන විශේෂත්වය ගැන අපි ටිකක් කතා කරමු....වැඩිහිටියකුගේ ඇස් දෙක සහ කුඩා දරුවෙකුගේ ඇස් දෙක අතර යම් වෙනසක් තියෙනවද...?
                                                    "ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ වලට අනුව කුඩාම දරුවන්ට අවුරුද්දත් අවුරුදු තුනත් අතර දරුවන්ට digital screen රූපවාහිනී තිර ඒවා ඇත්තටම හොඳම නැහැ....ඒගොල්ලන්ගේ නිර්දේශ තියෙන්නෙ අවුරුද්දත් අවුරුදු තුනත් අතර ළමයින්ට ටීවී එකක් පෙන්නන්න එපා කියලා හේතුව ඒගොල්ලන්ගෙ ඇස් වල මොලෙත් එක්ක තියෙන සම්බන්ධතා වල අනුවඒකෙන් එන අහිතකර බලපෑම් වැඩි...අධික වෙහෙස නිසා ඒවාගෙන් එන කිරණ  ඇත්තටම අහිතකරයි ඒ නිසා තමයි කුඩාම දරුවන්ට නිර්දේශ කරල නැත්තෙ....ඊට වඩා තරමක් වැඩුණු ළමයිට අවුරුදු දහයත් පහළොවත් අතර ළමයිට  ඉස්සර තිබ්බ නිර්දේශය තමයි දවසකට පැයක් වගේ තමයි ඩිජිටල් තිරයක් ඉදිරිපිට ඉන්න සුදුසුම කාලය උනේ ...ඊට වඩා වැඩි වුනොත් එතනින් අක්ෂි ආබාධ එන්න පුළුවන්....ඇත්තටම ගත්තොත් වැඩිහිටියන්ටත්  සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්න නම් දවසකට නිර්දේශිත ප්‍රමාණය පැය දෙකක්...නමුත් දැන් වර්තමාන තත්ත්වය ඇති එක්ක  මේ සියල්ල ම වෙනස් වෙලා  නිර්දේශිත දේ ඒක නමුත් ඕගොල්ලන්ට හිතාගන්න පුලුවන් දැන් තියෙන තත්වෙත් එක්ක මොන වගේ තත්වයකට  මූණ මුහුණ දෙන්න වෙයිද කියලා...."

පාසල් කාලයේ පැය හයයි නිවසේදී ඊට වඩා වැඩි කාලයක් ගත කරන්න වෙනවා පාඩම් වැඩ කටයුතුත් එක්ක....මීට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කරලා තියෙන පැයක් වගේ කාලය ට වඩා වැඩි කාලයක් මේ ඩිජිටල් තිරය ඉස්සරහ ඉන්න එක දැන් ගැටලුවක් කියන එක අපි හැම කෙනාටම බොහොම හොඳින් තේරෙනවා...දැන් අපි කතා කරමු මොනවද මේ සඳහා තියෙන විසඳුම් කියලා ....කුඩා දරුවන්ට නැද්ද වෙන ක්‍රමවේදයක් Digital තිරයක් ඉදිරියේ විතරද උගන්නන්න පුළුවන්...?

                                                         "ඇත්තටම මේකේ නිමාවක් පේන්නෙ නැහැ අපිට කියන්න බෑ තව අවුරුදු කීයක් මේකත් එක්ක ජීවත් වෙන්න වෙයිද කියලා....එනිසා ළමයිට දැනුම දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි දැන් පාවිච්චි වෙන්නේ ....ඒකෙ අතුරු ආබාධයක් විදියට තමයි දැනට මේ අක්ෂි ආබාධ සහ වෙනත් ආබාධ   ඇති වෙන්නේ .....අපිට ඩිජිටල් තිරයෙන් මිදෙන්න බැහැ මොකද අපිට මේ කොරෝනා වසංගතයේ නිසානෙ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ නමුත් ඉස්සරහට මේ දියුණු වන ලෝකෙත් එක්ක අපිට මේ තාක්ෂණයෙන් මිදිලා යන ගමනක් නැහැ...දැන් කොහොමත් ඒකට හුරු වෙලා ඉවරයි...

ඒ නිසා අපිට එක දෙයක් කරන්න පුළුවන් මේක ඉදිරිපිට ඉන්න කාල සීමාව ටිකක් අඩු කරන්න පුළුවන් සහ එකත් එක්ක අපිට පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්...ඒවට පුරුදු වෙන ගමන් ඒවට හුරුවන ගමන් ගෙදර දෙමව්පියන්ගෙන් ඉස්සරට වඩා ළමයිට උදව්වක් හම්බ වුණොත් හොඳයි ....නමුත් ගුරුවරුන් ගෙන් කෙරෙන සේවය අවතක්සේරු කරන්න බෑ කොහෙත්ම...එකම දේ අපි ඇස් දෙක පරිස්සම් කරගෙන  ළමයින්ගේ බාහිර පරිසරය ඒවත් රැකගෙන මේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න වෙනවා ....

පෙර පාසල් යන ළමයෙක් කියන්නේ පයන්නෙන් අවුරුදු හතරක් පහක් වගේ බබෙක් ඒගොල්ලන්ට ඇත්තටම පැය පහක් හයක් computer එක ඉස්සරහ ඉන්න ඕන නැහැ එයාට ක්‍රියාකාරකම් කියලා දෙන්න පුළුවන්...ප්‍රධාන දේ තමයි ඇහැට එන වෙහෙස අඩු කරන්න ඕනේ....ඔබට පුළුවන් නම් කුඩා ෆෝන් එකක් වෙනුවට ලැප්ටොප් එකක් tab යන්ත්‍රයක්   ඒ කියන්නේ ස්ක්‍රීන් එක ටිකක් විශාල යන්ත්‍රයක්  ලබා දෙන්න පුළුවන් නම් හොඳයි..ඊට පස්සේ ඒ යත්‍රයේ සහ ළමයා අතර තියෙන දුර  අපි නිර්දේශ කරන්නේ ළමයාගේ මුහුණත් පරිගණකයක් අතර අඩි දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සහ ඇස් මට්ටමේ ඉදලා ටිකක් පහතට තියෙන්න ඕනේ....අපි උඩ බලනකොට අසලට එන වෙහෙස වැඩි ඒ නිසා ටිකක් පහතින් තමයි ඒ screen එක හදන්න ඕනේ...ඊට අමතරව කියන්න ඕනේ ඉතා අමාරුවෙන් කුඩා අකුරු කියවනවට වඩා screen එකේ settings හදන්න පුළුවන් අකුරු ටිකක් විශාල කරලා පෙන්නන කොට පහසුවෙන් බලන්න පුළුවන් ඇස් දෙක පුංචි කරලා කරලා අමාරුවෙන් බලන එක වැළකෙනවා...ඊට අමතර ව තවත් දෙයක් කරන්න පුළුවන්  අපි ඩිජිටල් තිරය දිහා විනාඩි විස්සක් බලාගෙන හිටියොත් තප්පර 20ක විවේකයක් දෙන්න ඕනේ   ජනේලයක් ලඟ ලඟ computer එක තිබ්බොත් ජනේලයෙන් ඈත දිහා බලාගෙන එයාට විවේකයක් ගන්න පුළුවන්...

ඒ වගේම කුඩා දරුවන්ගෙ තව දෙයක් තමයි ළදරු පාසල්වල ගුරුවරු ප්ලෑන් කරොත් හොඳයි එක දිගට පැයක් නම් ඒගොල්ලන්ට දවසට උගන්වන්නේ ඒක පැය භාග දෙකකට කැඩුවා නම්  ළදරු පාසලේ ගුරුවරියක් එක්ක කරපු ක්‍රියාකාරකම් ටික ඩිජිටල් තාක්ෂණයෙන් ඒ දේවල් කියලා දෙන්න පුළුවන්...පොඩි කාලයක් පරිගණකය පාවිච්චි කරලා ක්‍රියාකාරකම්  සාමාන්‍ය පරිසරයේ ගෙදර වටපිටාවත් එක්ක කරන්න පුළුවන් මම හිතන්නේ ඒක සුදුසුයි පැය හතරක් පහක් ළදරු පාසලේ ගත කරපු කාලය අපේ කම්පියුටර් එකේ පැයකින් ඒ දේ කරලා ඉතුරු පැය තුනේ කාලය දෙමව්පියොත් එක්ක කරන දේ කියලා දෙන්න පුළුවන් ...."



*වෛද්‍යතුමියනි අපි දන්නවා විවිධ විදිහේ ඇස් කණ්නාඩි කන්නාඩි පලඳිනවා.පුංචි දරුවන්ටත් මේ කාලයේ දී දෙමවුපියන් විශේෂයෙන් ම  cooling glass කියන විශේෂවූ  ඇස් කන්නාඩි යුවලක් පළඳනවා කොහොමද ඇස් දෙක ආරක්ෂා කරගන්න මෙවැනි ඇස් පලදනාව කින් හැකියාවක් තියෙනවද ....?
                                  "ප්‍රධානම දේ කම්පියුටර් එකෙන් එන තද ආලෝකය හොඳ නෑ එතකොට සුදුසුකම් ලත් තැනකින් දරුවාට අරන් දෙන්න පුළුවන් පරිගණකය භාවිතා කරද්දී පාවිච්චි කරන විශේෂ වූ කණ්නාඩි අරන් දෙන්න පුළුවන් ....පුළුවන් කමක් තියෙනවනම් දරුවාට computer එක පාවිච්චි කරද්දි ඒ වගේ කන්නාඩි දෙකක් අරන් දෙන්න...."

*පංති කාල වේලාවට අමතරව තව වැඩි වෙලාවක් ගේම් එකක් play කරනවා වෙන්න පුළුවන් කාටුන් එකක් බලනවා වෙන්න පුළුවන්  මේ දේවලුත් අහිත කරයි නේද...?
                                          "අනිවාර්යෙන් ඉස්සර අම්මලා බබාට ෆෝන් එකක් අල්ලන්නවත් දුන්නේ නැහැ...පිටරට ළමයි ෆෝන් එකත් එක්ක සහ  පරිගනකයත් එක්ක හිටියට ලංකාවේ ඒ විදිහට phone එක දරුවන්ට දුන්නේ නැහැ නමුත් දැන් කරන්න දෙයක් නැහැ දරුවාට ඒක දෙන්න සිද්ධ වෙනවා හැබැයි දෙමව්පියන් විදිහට අපිට ලොකු අවධානයක් තියෙන්න ඕනේ දරුවාට නිදහස් පරිසරයක් තියෙන්න ඕනේ නමුත් හැම වෙලේම දුරින් ඉදලා දෙමව්පියෝ අවධානයෙන් ඉන්න ඕනේ දරුව මොකක්ද කරන්නේ කියන එක දරුවා පරිගණකය හිටියට අපි දන්නේ නැහැ එයා ඇත්තටම පාසලේ පාඩමේ ද ඉන්නේ ළමයිත් එක්ක වෙන වෙන දේවල් ද අන්තර්ජාලය දැන් ගෙදර තමන්ගේ ෆෝන් එකේන් දැන් ඕනම දෙයක් කරන්න පුළුවන් කුඩා ළමයින්ට සුදුසු දේවල් තියෙනවා නුසුදුසු දේවල් තියෙනවා හැමවෙලේම පැය බාගෙකට සැරයක් හරි පොඩ්ඩක් එබිකම් කරලා බැලුවොත් හොඳයි දරුවෝ මොකක්ද කරන්නේ කියලා...

ඇත්තටම මම දන්න ගුරුවරු ඉන්නවා පරිගණක පිළිබඳ දැනුම ඉතාමත් හොඳ අය ඒගොල්ලොත් දරුවන්ට නොදනිම දරුවෝ chat කරන්නෙ මොනවද කියලා හොයලා බලනවා ....මම ඉතාම ආදරයෙන් ගුරුවරුන්ගෙන් විදුහල්පතිතුමන්ලාගෙන් ඉල්ලනවා  දරුවන් ගැන සොයා බලන්න කියලා....කොට වෙන වෙනම කතා කරලා ඒගොල්ලන්ගෙ දෙමව්පියන්ට කතා කරල දරුවා ගැන කතා කරන්න පුළුවන්....ගෙදර ඉන්න දෙමව්පියෝ විදිහට ඕගොල්ලන්ට පුළුවන් සැරින් සැරේ  දරුවාට නොදැනෙන්න ඇවිල්ලා එයා මොකක්ද කරන්නේ කියලා  හොයලා බලන්න...

මෙතැනදී ඒගොල්ලො වරද්ද ගත්තොත් මේ කොරෝනා තව අවුරුද්දකින් දෙකකින් ඉවර වුණත් ඒගොල්ලන්ගෙ මුළු ජීවිතයම අඳුරු වෙනවා...ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා ඒගොල්ලො නවීන තාක්ෂණයත් එක්ක ඉන්න කාල කාලසීමාවත් එක්ක ඒ ගොල්ල මොකද්ද කරන්නෙ කියන එක  ඒ ගොල්ලොත් එක්ක ඉදලා මොකක්ද කියලා අහන්න ...දරුවව ගිලිහෙන දෙන්නේ නැතුව දරුවත් එක්ක තියෙන බැඳීම වලටත් වඩා වැඩි කරගන්න ඕන ඇත්තටම..."
 

වෛද්‍යතුමියනි අපි නිරන්තරයෙන් ම සඳහන් කරනවා ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් දරුවන්ටත් අපි කතා කරනවා ටික ආරක්ෂා කර ගන්න අපි හැම කෙනාගෙම  මම හිතනවා අවධානය වැඩි වශයෙන් ලබා ගැනීම අතිශයින් වැදගත් කාරණාවක් කියලා....ගුරුවරුන්ටත් අපිට යම් දෙයක් ලබා දෙන්න පුළුවන් නේද ...එක පාඩමක් ඉවරවෙලා පැයකට විතර පස්සෙ තව පාඩමක් අපි එකතු කරගන්නවා නම් දරුවන්ට ඒ කාලසටහන හදනකොට දරුවන් ගැන ටිකක් විපරම් කරන්න දරුවන්ගේ කාලයත් එක්ක ගුරුවරුන්ට පුලුවන්නම් තමන්ගෙ කාලයත් සකස ගන්න මම හිතෙනවා සමහර වෙලාවට බොහෝ ගුරුවරු කියයි අපි කොහොමද එහෙම කරන්නෙ අපිට තියන වෙලාවේ තමයි මේ දේවල් කරන්නේ කියලා හැබැයි දරුවන් ගැන හිතලා පුංචි පිළියමක් යොදා ගන්න පුළුවන් නේද මේ කාල සටහන් පවා හදන අවස්ථාවලදී...?
                                                    "ඒක ඇත්තටම වයස් මට්ටම් අනුව වෙනස් වෙනවා...මම මුලදී කිව්වා වගේ කුඩාම දරුවන්ට ළදරු පාසල් 1 වසර 2 වසර වගේ දරුවන්ට ඇත්තටම පැයක් පැය දෙකක් වගේ කාලයක් ඇත්තටම මම හිතන්නේ ඇති digital screen එක ඉස්සරහ ඉන්න එක ඒ වගේ  සකස් කරගන්න පුළුවන් නම් හොඳයි මොකද ඒගොල්ලන්ගෙ වයසට ගොඩක් තියෙන්නෙ ක්‍රියාකාරකම් මේ අකුරු ඉගෙන ගැනීම වගේ දේවල් අඩුයි...ඒ නිසා ඒ වගේ දරුවන්ට පැය භාගය වගේ ඇත්තටම ඉස්කෝලේ වුණත් එක පීරියඩ් එකක් විනාඩි හතලිහක් වගේ කාලයක් තියෙන්නෙ පැය භාගය විනාඩි 40 වගේ sessions තිබුනානම් හොඳයි....

එතකොට එක දිගට ඒකාකාරී බවක් නැති වෙනවා...විභාග ලේසි වෙන්නේ නැහැ විෂය ආවරණය කර ගන්න වෙනවා ගුරුවරුන්ට  උසස් පෙළ වගේ සාමාන්‍ය පෙළ වගේ විභාග වලට මුහුණ දෙන්න ඉන්න ළමයිට  උගන්වන ගුරුවරුන්ගේ මම ඉල්ලීමක් කරනවා පැය දෙකේ දෙකේ වගේ sessions තිබුනොත් හොදයි....ඉස්සර පන්තියක පැය හයක් විතර දරුවෙක් එක දිගට ඉගෙන ගන්නවා ඉස්සර ඒ දේවල් වල ලොකු ගැටලුවක් ආවේ නැහැ මොකද ඒ ගොල්ලන්ට ඒ අතරමැද විවේක දීලා පොඩි පොඩි විහිළු  කරලා තමයි ඉගෙන ගත්තේ නමුත් මේක දැන් එහෙම නැහැ ළමයා තනියම computer screen එකක් ඉස්සරහ ඉන්නවා...

ඉතින් ඒ නිසා පැය දෙකක් ඉගැන්නුවොත් දරුවන්ට අඩුම ගානේවිනාඩි 10 ක වත් විවේකයක් දුන්නොත් හොඳයි....ස්ක්‍රීන් එකේ තියන පේපර් එක කරන්නැතුව ඒ පේපර් එක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන  කරන්න දීලා ඒගොල්ලන්ට කල් දීලා  ඒවගේ පහසුකමක්  සලසල දුන්නොත් හොඳයි මම හිතන්නේ...එකම දේ කඩ කඩා එක දිගට කරන්නෙ නැතුව කාලසටහනක් තිබුනොත් හොඳයි...උදේට පැය දෙකක් කරනවා හවසට පැය දෙකක් කරනවා ඒ විදිහට පුළුවන්...."



*ඇසට අනිවාර්යෙන් විවේකයක් අවශ්‍යයි ඒ කියන්නේ නින්දකුත් අවශ්‍යයි ...නින්දේ තියෙන වාසිය ඇස් දෙකට කොහොමද ලැබෙන්නේ ...?
                                                      "අපි ඇස් දෙක ඇරගෙන ඉන්නවා කියන්නේ හැම වෙලේම දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියන එක කියන්නේ ඇසේ මාංශ පේශීන් හැමවෙලේම වෙහෙස වෙනවා...අපි යන්ත්‍රයකට නිවාඩුවක් දෙනවා වගේ  ඕනම දේක එක දිගට වැඩ කරහම  ඒක කාලයක් යන කොට අබලන් වෙනවා  ඒ වගේම තමයි ඇස් දෙකත්...ඇස්වල තියෙන සියලු ආබාධ වලට හේතුව වෙන්නේ ඇස් වලට නිසි විවේකයක් නොලැබීම ....පාසලේ අධ්‍යාපන කටයුතු කරලා ප්‍රශ්න පත්තරත් කරලා විභාගයටත් ලෑස්ති වෙලා  මේ ඔක්කොම කරන අතරෙදි ඇහැට හොඳම විවේකයක් ලබා දෙන්න තියෙන හොඳම වෙලාව තමයි සුවදායක නින්දක්....ඉතිං දරුවෝ ඒ නින්ද උපරිමයටම ගන්න ඕනේ ...

ඒ ගොල්ලන්ට මේ දවස් වල වෙලාව තියෙනවා...කාලය කළමනාකරණය කරගෙන අවශ්‍ය වෙලාවෙදි computer එක පාවිච්චි කරලා ඒ දැනුම අරගෙන එක් වැඩ වැඩකටයුතු අරගෙන රෑ අට නවය වෙනකොට මේ අයට සුවදායක නින්දක් ලබා ගන්න පුළුවන් ...මම දන්න ගොඩක් අය ඉන්නවා ඒගොල්ලෝ කියනවා ඉස්සර තරම් වත් දැන් නිදා ගන්නේ නැහැ කියලා ඒ කියන්නේ අපේ තියන දුරකථන සමාගම් වලින්  free data ප්‍රමානයක් තියෙනවා රාත්‍රී කාලයේ දී   ඉතින් දරුවෝ සහ වැඩිහිටියෝ ඒකට ඇබ්බැහි වෙලා ....ඇත්තටම ඉස්සරහට මේකෙ ගොඩක් නරක ප්‍රතිඵල එන්න පුළුවන්....අපේ ඇඟටත් විවේකයක් ඕනේ ඇස් දෙකටත් විවේකයක් ඕනේ ...පැය අටක සුව නින්දක් කියන්නේ ඒ දෙකම ලබා දෙන දෙයක් ..."

*අපේ ඇස් දෙක පරිස්සම් කරගන්න අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ...බොහෝ වෙලාවට අපි දන්නවා හේතුවක් නැතුවම ඇස් දෙකෙන් කදුලු එනවා හේතුවක් නැහැ ඇස් දෙක රතු වෙලා තියෙනවා සමහර විට ඇස් කසන්න ගන්නවා ඇහැ නටනවා කියලා කියනවා අපි කොහොමද අපේ ඇස් දෙක පරිස්සම් කරගන්නේ ...?

                                               "ඇස් වල මාංශ පේශීන් නිසාම  සිදුවන දේවල් තමයි මේ දේවල්...ඔයා කිව්ව රෝග ලක්ෂණ වලට ගොඩක්ම හේතුවක් තමයි අපේ ඉස්සරහ තියන ඩිජිටල් තිරයක් දිහා එක දිගටම බලාගෙන ඉන්න කොට  ඕගොල්ලන්ට ත් ඒ අත්දැකීම ඇති  අපි ඇසිපිය ගහන ප්‍රමාණය හරිම අඩු වෙනවා..එතකොට එක දිගට ඇහැ ඇරිලා තියෙන්නේ ගොඩක් වෙලාවට එතකොට ඇහැ වියළි බවක් ඇති වෙනවා එක හේතුවක් විදියට තමයි ඇස් රතු වෙන එක ඇස් වලින් කදුලු එන එක ඇහැක් ඒ වෙනවා වගේ දැනෙන එක ...

ඒ ආරක්ෂාවට හැම වෙලේම කඳුළු පටලයක් තියෙනවා  ඇහැරගෙන එක දිගට ඉන්නකොට ඒක වියලි වෙනවා කඳුළු පටලය හරියට හැදෙන්නේ නැහැ...ඒකට හිතලම හරි ඇස්පිල්ලම් ගහන්න ඕනේ ...ඊට අමතරව පොඩි වෙලාවක් විනාඩියක් වගේ ඇස් පියාගෙන ඉන්න පුළුවන්  ඇහේ මාංශ පේශීන් වලට නිදහසක් ලැබෙනවා...ඒ දේවල් කරලා හොඳ වෙන්නේ නැත්තං වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ...කෘතිම කඳුළු වර්ග තියනවා ඒ වගේ දෙයක් හිතුමතේට ගන්න කියලා මම කියන්නේ  නැහැ හොඳම දේ වෛද්‍ය උපදෙස් ගන්න එක ..."

(වීඩියෝව - ජයමග ටීවී )