dinesh-gunawardana

අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර සැලසුමක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද(21) සඳහන් කළේය.


පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අදාල නිලධාරීන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ඔහු කියා තිබේ.
නමුත් ආරම්භ වන දිනයක් ගැන දන්වා සිටියේ නැත.මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් උසස් පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ සම්පූර්ණ කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන බවත් ඉදිරියේ ඒ ගැන ක්‍රියාකරන බවත් ඇමතිවරයා මේ අතර දැනුම් දුන්නේය.