eraj-fernando-arrested

පසුගියදා බම්බලපිටිය පුද්ගලික ඉඩම් දෙකක ගැටලුවක් මුල් කරගෙන එහි ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප‍්‍රනාන්දු

අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටි අතර ඔහු අද වනතෙක් සැඟවී සිට
 අද පෙරවරුවේ බම්බලපිටිය පොලිසියට බාරවූ බවත් අත්අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.
මේවන විට ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් සිටින බවත් ඉන්පසු අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බවත් පවසයි.



ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ 2019 වසරේ ඔහු අත්අඩංගුවට පත්ව වසර 5 ක සිර දඩුවමකට ලක්වූ නඩු තීන්දුව සඳහා රැගෙන යමින් සිටි අවස්ථාවේ දර්ශනයකි.
2014 වසරේ එජාප සාමාජිකයින් පිරිසකට පිස්තෝලයක් පෙන්වා මරණීය තර්ජනයක් සිදු කිරීම නිසා මෙම දඩුවම ඔහුට 2019 මහධිකරණය මගින් පැනවූ නමුත් ඔහු ටික කලකින්ම නිදහස ලැබීය.
ඔහු මෙවර හසුවී තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ දත් කැඩෙන්නට පහරදීම නිසාය.

එරාජ් ප්‍රනාන්දු සම්බන්ධ බම්බලපිටිය සංසිද්ධිය පෙර වාර්තාව
සෙල්ලම් පිස්තෝල නගරාධිපති බම්බලපිටියේ ඉඩමක සිකියුරිටිගේ දත් කැඩෙන්න පහරදීලා