price-hike-essencial-goods

කිරිපිටි, ගෑස්, සිමෙන්ති, තිරිඟුපිටි සහ සහල් මිල සංශෝධනය කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව අද ඇමැති මණ්ඩල රැස්වීමට අද (27 වැනිදා) ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය හිමිවන්නට නියමිතය. ඒ අනුව ගෑස් මිල රුපියල් 550කින්ද. කිරිපිටි මිල රුපියල් 200කින්ද, සිමෙන්ති මිල රුපියල් 50කින්ද, තිරිඟු පිටි මිල රුපියල් 10කින්ද ඉහල යනු ඇත.




අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව පසුගිය සිකුරාදා රැස්වී මෙම යෝජනා සාකච්ඡා කර අවසන් තීන්දුව ගන්නා ලදි.
මිල ඉහළයාමින් පසු කිරිපිටි කිලෝ ග්‍රෑමයක නව මිල රුපියල් 1145ක්ද කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1050ක් වනු ඇති අතර කිලෝ ග්‍රෑම් 13 ගෑස් සිලින්ඩරයක නව මිල ලාෆ් - රු2406 හා ලිට්‍රො රු2043  වනු ඇත.
 මීට අමතරව කීරි සම්බා පාලන මිල රුපියල් 120 සිට රුපියල් 140 දක්වා වැඩි කිරීමටද. සම්බා පාලන මිල රුපියල් 103 සිට රුපියල් 120 දක්වා වැඩි කිරීමටද යෝජනා කර ඇත.
මෙලෙස මිල වැඩිවීම් සිදුවිය හැකි බවට පසුගිය සතියේ සිට කෙරුණ ප්‍රචාරය හේතුවෙන් මේ දිනවල බොහෝ කඩ හා සුපිඑරි වෙළෙඳසල් මිල වැඩිවනතුරු භාණ්ඩ සඟවා ඇති බවද වාර්තාවේ.