විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ වෙනසක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙකු නුදුරේදීම පත්වීමට නියමිතය. කෙසේ නමුත් ඒ සඳහා සුදුසුකම් සම්පූර්ණ කළ අධ්‍යාපන පරිපාලන පළමු ශ්‍රේණියේ නිළධාරීන් විභාග දෙපාර්තමේන්තුව තුළ නොමැති බව වාර්තා වෙයි.
මේ නිසා විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා අයදුම්පත් කැඳවා සුදුසු පුද්ගලයෙකු තෝරා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යංශය බළධාරීන්ට ලබා දී ඇති බවද ලේකම්වරයා පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේම ඉහළ නිළධාරියෙකු පත් කිරීම සම්ප්රදාය වුවද, සුදුසුකම් සහිත නිළධාරීන් නොමැති වීම නිසා අයදුම්පත් කැඳවා අදාල තනතුර සම්පූර්ණ කිරීම සිදුවන්නේ පළමු වරටයි.
ඉතිහාසයේ එක් වරක් පමණක් මෙම තනතුර සඳහා විභාග දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර පුද්ගලයෙකු පත්කර තිබෙනවා. ඒ, රිචඩ් පතිරණ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සමයේදීයි.
0 Comments