exice-department-message

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව රටබීමහල් සහ බියර් හල්වල අලවි කටයුතු කිරීමට අවසර දී ඇතැයි සුරාබදු දෙපාර්තුමේන්තුව සවස 3.30 ට පමණ කියා සිටි බවට ප්‍රධාන මාධ්‍ය වල පුවත් පළවිය.


වයින් ස්ටෝර්ස් සහ බීර කෑන් සහ බෝතල් ලෙස අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර දී තිබෙන බවට වූ එම නිවේදනය සමග ඒවා විවෘත විය. ඇඳිරි නීතිය නොතකා ජනතාවද ඒ වෙත ඇදී ආහ.
ඒ අනුව දිවයිනපුරා රට බීමහල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනයකින් තොරව පොරකමින් මත්පැන් ලබාගැනීම සිදුවිය.
කෙසේ වෙතත් පැය දෙකකින් පමණ අනතුරුව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා අමතමින් පවසා සිටියේ

අද (17) දිනයේ සිට බීර වර්ග අලෙවි කරන ස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
නමුත් අර්ධ වශයෙන් හා සම්පූර්ණ වශයෙන් එම ස්ථාන සවස විවෘතවූ නිසා ඒවා අසල දිගු පෝලිම් වාර්තා විය. ඒවා වසා දැමීමට කිසිවෙකු ඉදිරිපත් නොවීය.
නිරෝධායන ඇඳිරි නීතිය අවසන් වූ පසු ව්‍යාපාරික ස්ථාන සමඟ මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලත් ස්ථානද විවෘත කිරීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.