කොරෝනා ආසාදිතයින් නිසා යුරෝපය තුළ ඉතාලිය ළඟට දෙවැනි අතිමහත් විනාශය සිදුව ඇත්තේ ප්‍රංශයටයි.මෙය එරට පරිපාලකයින්ගේ වැරදි තීරණ හේතුවෙන් සිදුවූවක් ලෙස ප්‍රංශ ජනතාව විශ්වාස කරති. වසංගතය ආරම්භයේ එයට මුහුණ දුන් ප්‍රංශයේ සෞඛ්‍ය ඇමති ඇග්නස් බුසින් පසුව එම තනතුරින් ඉවත් වී තිබුනේ පැරීසියේ නගරාධිපතිනිය ලෙස තරග වැදීමටය.
සැප්තැම්බර් 10 සිකුරාදා ප්‍රංශයෙන් වාර්තාවන්නේ කොරෝනා වැරදි කළමනාකරණයෙන් ජීවිත අනතුරේ හෙළු නිසා නිරපරාදේ දහස් ගණන් ප්‍රංශ වැසියන් මියගිය බැවින් ප්‍රංශයේ හිටපු සෞඛ්‍ය ඇමතිනි ඇග්නස් බුසින් ඊට වගකිව යුතු බව දක්වමින් එරට අධිකරණයේ නඩු ගොනු කරන ලද බවයි.
ප්‍රංශ රජය විසින් සෞඛ්‍ය අර්බුදය හසුරුවා ගැනීම පිළිබඳ සිදු කළ පරීක්ෂණ වලින් පසුව ජනරජ අධිකරණයේ (සීජේආර්) නඩු පවරන්නන් ඇයට එරෙහි නීති මගට පිවිස තිබේ.
කෙසේ වෙතත් හිටපු ඇමතිනිය එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය.
“ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් සඳහා අපේ රට සූදානම් කිරීම සඳහා මම බොහෝ දේ කරා. රජයේ ක්‍රියාවට, ඇමතිවරයා වශයෙන් මගේ ක්‍රියාවට ප්‍රීති වීමට මට ඉඩක් තිබ්බෙත් නැහැ.
58 හැවිරිදි බුසින් 2020 පෙබරවාරි මාසයේදී සිය ඇමති ධුරයෙන් ඉවත්වූ අතර නගරාධිපතිනය වීමට තරග කරත් ඇයට ලැබුනේ තුන්වන තැනයි. එතැන් සිට මේ වනවිට වසර එකහමාරක් පමණ ගතවී තිබේ.
"මම හිතන්නේ චීනයේ සිදුවන්නේ කුමක්දැයි මුලින්ම බැලුවේ මම"
යැයි ඇය ලේ මොන්ඩේ පුවත්පතට පැවසුවාය.
කෙසේ වෙතත් එකල චීනයේ කොරෝනා පැතිරීම ගැන අධ්‍යයන ඇය නොසලකා හැරි බවට හා මුහුණු ආවරණ පීපීඊ පැළඳුම් වල අවශ්‍යතාව ගැන අවධානය අඩුවූ බවට චෝදනා තිබේ.
වසංගතය හසුරුවා ගැනීම පිළිබඳව බලධාරීන්ට පැමිණිලි දහස් ගණනක් ලැබීමෙන් පසු 2020 ජූලි මාසයේදී සිය විමර්ශනය ආරම්භ කරන ලදී.
එතැන් සිට මේ දක්වා බුසින් මහත්මියට අමතරව හිටපු අගමැති එඩ්වඩ් පිලිප් සහ ඇයගෙන් පසු ඇමති ධූරය භාරගත් ඔලිවියර් වෙරන්ගේ නිවෙස් හා කාර්යාලද සෝදිසි කිරීම්වලට ලක් කෙරිණි.
( යුරෝ නිවුස් ඇසුරිනි - gossiplankanews.com )
0 Comments